අපායට ගහපු කැලැන්ඩරේ

ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිවරයාට කට පරිස්සම් කරගෙන ඉන්නා ලෙස ජනාධිපතිවරයා අවවාද කර ඇතත් ඔහු එය පිළිපදින බවක් පෙනෙන්නේ නැත. කටත් එක වාජ්ජමක් කිව්වා මෙන් ඔහුගේ කට ඕනෑ එකටත්, එපා එකටත් අරින බව පැහැදිලිය.

මර්වින් සිල්වාට විරුද්ධව විනය පරීක්‍ෂණයක්ද පවත්වා ඇත. ශ්‍රී ලනිප මහලේකම් මෛත්‍රිපාල සිරිසේනගේ හිත හොඳකම නිසා එය තවම එළියට දමා නැත. වෙනත් ලේකම් කෙනෙක් සිටියා නම් මර්වින් දැන් එළියට දමා හමාරය. ලංකාවට නවනීදන් පිල්ලේ ආ අවස්ථාවේදී ඇයට බඳින්න යෝජනා කළේ මේ මර්වින් සිල්වාය. ඒ ගැන ආණ්ඩුවේ දුක්ගන්නාරාල වූ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඇගෙන් සහ ජනතාවගෙන් සමාව ගත්තේය.

දැන් මර්වින් සිල්වා ඇමැතිවරයා කියන්නේ නවනීදන් පිල්ලේ අපායට ගහපු කැලැන්ඩරයක් වගේ කියාය. තමා විවාහ වෙන්න කතා කළ කාන්තාවකට එය වැරැදුණු පසු මෙසේ අපහාස කරන්නේ හිතක් පපුවක් නැති කෙනෙකු පමණි. ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහට මර්වින් මංගල යෝජනාවක් කර තිබේ. ගීතා කියන්නේ සුරූපී කාන්තාවකටය. ඇයට බඳින්න කතා කරන මේ මර්වින් මනාලයා දැන් වයස හැට පහත් පසු කළ නාකි ඉළන්දාරියෙකි. නාකි විසේ ගෙටත් උසේ කියන්නේ මේවාටය. සද්දන්ත පුතකුගේ පියකු වන මර්වින් සිල්වාගේ මනමාල පිස්සුව ගැන පුතා ටිකක් සොයා බැලුවොත් හොඳය. මර්වින් මේ ළඟදී වෙන්නප්පුව පැත්තේ ගොස් එද්දී එ. ජා. ප. රැස්වීමකදී හූ පූජාවකින් පිදුම් ලබා ඇත. ඔහු ඒ රැස්වීම පසු කරද්දි කතා කරමින් සිට ඇත්තේ රෝසි සේනානායක නමැති සුරූපී මන්ත්‍රිවරියයි.

තමන්ගේ පාඩුවේ පාරේ එන්නේ නැතිව මර්වින් සිල්වා එහි රථය නතර කර ඇත්තේ රෝසිට මංගල යෝජනාවක් කරන්නට විය හැකිය. රැස්වීමේ සිටි මිනිසුන් ඒ බව දැන මර්වින්ට හූ කියා ඇත. හූ පූජාව මැද්දේ මර්වින් ශීඝ්‍රයෙන් පසු බැස ගොස් තිබේ. මෙවැනි හූ පූජා ලබන වෙනත් ඇමැතිවරු මේ රජයේ සිටින බවක් අප අසා නැත. මර්වින්ගේ අපායට ගැසූ කැලැන්ඩර් කතාව කෙසේ වෙතත් කොළඹ පැත්තේ ජනප්‍රිය නිළියක් සිටියාය. ඇගේ ඡායාරූපය රැගත් කැලැන්ඩරයක් දැනට වසර දෙක තුනකට ඉහත එළි දැක්විණි. එය අතිශයින්ම ජනප්‍රිය කැලැන්ඩරයක් විය.

ඇයට ලොකු කොම්පැනියක කැලැන්ඩරයකට පෙනී සිටීමට අවශ්‍ය විය. එහෙත් එය ලෙහෙසි පසු වැඩක් නොවීය. ලොකු මුදලක් ඒ සඳහා ගෙවයි. නිළිය නිකන් සිටියේ නැත. ඇය ඒ කොම්පැනියේ ලොකු නිලධාරියකු හමු වූවාය. ඇගේ රූමත් බව දුටු ඒ නිලධාරියා කැලැන්ඩරයට පෙනී සිටීමට කොන්දේසියක් ඉදිරිපත් කෙළේය. “ඔයා මාත් එක්ක රැයක් දෙකක් ගත කරන්න එනවා නම් මම වැඩේ සෙට් කරන්නම්. මේකට ඔයාට ලක්‍ෂ 5ක් ලැබෙනවා”. නිළිය දෙවරක් සිතුවේ නැත.

“ලක්‍ෂ 5ක් ලැබෙනවා නම් මම ඒ යෝජනාවට කැමැතියි.” ඒ අනුව අර නිලධාරියා දෙතුන් වතාවක් නිළිය සමඟ යහන්ගත විය. නිළිය සිතුවේ වැඩේ හරිය කියාය. එහෙත් මේ සිද්ධිය දැනගත් කොම්පැනිය අර නිලධාරියා සේවයෙන් පහ කළේය. ලක්‍ෂ 5කට රැවටී කැලැන්ඩරයක් නිසා නිළිය අනාථ වූවාය. ඊට පසු නිළිය ප්‍රසිද්ධ ගණිකාවක් බවට පත්විය. මේ ළඟදී ඇගේ තිප්පොළ වැටලූ පොලිසිය ඇයට විරුද්ධ නඩු දැම්මේය. කැලැන්ඩර් පිස්සුවෙන් ජීවිතය විනාශ කරගත් නිළිය දැන් සතිපතා උසාවි යයි. කැලැන්ඩර්වලට තරුණියන් ගැනීමේ කලාව එයයි.
තවත් මර්වින් වැනි වයසක පොරක් සිටියේය. ඔහුට ඕනෑ ළාබාල කෙල්ලන්ය. දිනක් ඔහුට සීතා නමැති තරුණියක් මුණ ගැසුණේය. ඔහු කෙළින්ම යෝජනාව ඉදිරිපත් කෙළේය.

“මම ඔයාට දහදාහක් දෙනවා. ඔයා කැමැතිද?” මේ නාකි හමා සමඟ රැයක් ගතකර දාහ දාහක් ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියා සිතූ තරුණිය එයට කැමැති විය. ඔහු තරුණිය සමඟ හෝටලයකට ගියේය. වැඩය නිම කොට බලද්දී මුදල් නැත.

“හරි වැඩේනේ මට ටිකක් බීලා වැඩියි. මට සල්ලි ගේන්න අමතක වුණා.” “මේවා ණයට කරන ගේම් නෙවි. මම කෑගහනවා” තරුණියට තරු පෙනිලාය.
කෑ ගහන්න එපා. මම ඔයාට මගේ ඒ. ටී. එම්. කාඩ් එක දෙන්නම්. ඒකෙන් දහ දහක් අරන් මෙහාට එන්න. බැංකුව මේ ළඟයි තියෙන්නේ. තරුණිය බැංකුවට ගොස් බලද්දි ඔහුගේ බැංකු ගිණුමේ රුපියල් ලක්‍ෂ 5ක් තිබිණි. කල්පනා කරන්නට දෙයක් නැත. ඇය ඒ ලක්‍ෂ 5ම ගෙන හෝටලයට නොපැමිණ ගෙදර ගියාය.

පැය ගණන් බලා සිටියත් ඇය නොපැමිණි බැවින් ඔහු බැංකුවට ගොස් බැලීය. ගිණුමේ තිබුණු ලක්‍ෂ 5ම ඇය රැගෙන ගොස්ය. ණයට ගෑනුන් සමඟ රති කෙළියේ යෙදෙන අයට මේක හොඳ පාඩමක්.

මර්වින් සිල්වාගේ අපායට ගැසූ කැලැන්ඩරයෙන්ම මෙය අවසාන කිරීම යෝග්‍ය යැයි සිතමි.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත​

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...