අප‍්‍රිකාවේ ඩිස්නිලන්තයක්

අප‍්‍රිකාවේ ඩිස්නිලන්තයක් නිර්මාණය කිරීමට සිම්බාබ්වේ රාජ්‍යය සැලසුම් ඉදිරිපත් කර තිබේ. සිම්බාබ්වේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් සුප‍්‍රකට වික්ටෝරියා දිය ඇල්ල ආශ‍්‍රිතව මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට යෝජිත බව එරට සංචාරක අමාත්‍ය වෝල්ටර් මිසෙම්බි සඳහන් කළේය.

එරට සංචාරක කර්මාන්තය සංවර්ධනයට බලපෑමක් කළ හැකි අන්දමේ සංචාරක පහසුකම් ඇති කළ යුතු බවත් මේ වන විට ඔවුන් අවධානය යොමු කර ඇත්තේ හෝටල්, ආපනශාලා, විනෝද උද්‍යාන හා සම්මන්ත‍්‍රණ පහසුකම් සහිත ඩිස්නිලන්ත ආකෘතියට සමාන ස්ථානයක් නිර්මාණය කිරීම කෙරෙහි බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම විනෝද උද්‍යානය සඳහා වෙන් කෙරෙන මුදල ඩොලර් මිලියන 300කි. එමෙන්ම ඩොලර් මිලියන 150ක වියදමින් වික්ටෝරියා දිය ඇල්ල ආශ‍්‍රිත ගුවන් තොටුපොළ පුළුල් කිරීමටද සිම්බාබ්වේ රජය බලාපොරොත්තු වෙයි.

මීට අමතරව සිම්බාබ්වේ රාජ්‍ය තුළ නිදහස් බැංකු කලාප පිහිටුවීම කෙරෙහිද එරට රජයේ අවධානය යොමුව තිබේ. විදේශිකයන්ටද එහි බැංකු ගිණුම් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමටද යෝජිතය. සිම්බාබ්වේ රාජ්‍යය හා සැම්බියාව සම සත්කාරකත්වය දරන එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් සිම්බාබ්වේ සංචාරක අමාත්‍ය වෝලටර් මිසෙම්බි මෙම සැලසුම් පිළිබඳ අදහස් දක්වා තිබුණේය.

source-Rivira

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...