19.1 C
London
Thursday, June 19, 2025
spot_img

අප රටේ දවසකට 1,60,000ක් ගණිකාවන් වෙතට

අප රටේ පිරිමි පුද්ගලයින් 1,60,000ක් පමණ දෙනා දිනකට ලිංගික ශ්‍රමික කාන්තාවන් සමඟ සම්බන්ධතාවන් පවත්වන බව කරන ලද සමීක්ෂණයකදී අනාවරනය වී ඇතැයි එච්.අයි.වී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය. මේ වන විට ලිංගික ශ්‍රමික කාන්තාවන් 35000 – 40000 අතර සංඛ්‍යාවක් දිවයින පුරා සිටින බවද අදාල සමීක්ෂණයේදී අනාවරනය වී ඇතැයි අධ්‍යක්ෂවරයා අවධාරනය කළේය.

මෙම එක් කාන්තාවක් දිනකට පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු පමණ ඇසුරු කරන බව අනුමාන කළ හැකියැයි එච්අයිවී ඒඩ්ස් මර්ධන වැඩ සටහන සඳහන් කරයි.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයින් එච්අයිවී ආසාදනයට ලක් වීමේ අවදානමක් පවතින අතර ද මේ වන විට ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවද අධ්‍යක්වරයා සඳහන් කළේය. ලොව පුරා එච්.අයිවී. ඒඩ්ස් වයිරසය ව්‍යාප්ත වන රටවල් පහ අතර ශ්‍රී ලංකාවද සිටීම බරපතල තත්තවයක් බව ඒඩ්ස් මර්ධන වැඩසටහන පෙන්වා දේ.

සටහන​ : ශ්‍රියානි විජේසිංහ (ලක්බිම පුවත්පත​)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles