13.5 C
London
Friday, April 25, 2025
spot_img

අභ්‍යවකාශය හමුදාකරණය කිරීමේ ඇමරිකානු උත්සාහයක්

ඇමරිකාවේ අභ්‍යවකාශය හමුදාකරණය කිරීමේ උත්සාහය නිසා නුදුරු අනාගතයේදී යුද්ධයේ මුහුණුවර වෙනස් වනු ඇතැයි රුසියානු ඉංජිනේරු විද්‍යා ඇකඩමියේ විද්වතෙක් කියා සිටියේය.

කක්ෂීය අවි ලෙස භාවිතා කල හැකි පද්ධති පිලිබඳව පර්යේෂණ සිදු වන අතරතුර ඇමරිකාව පසුගිය වසර තුන තුල ඇමරිකාව අභ්‍යවකාශ හමුදා ගැන මාර්ගෝපදේශ සපයා ඇති බව මෙම ඇකඩමියේ උපදේශක යූරි සෙයිට්සෙව් කියා ඇත.

ඔක්තෝබරයේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පල කල ලේඛනයක ජාතික ආරක්ෂව ඉහල දැමීමේ උත්සාහයක් ලෙස මෙම අභ්‍යවකාශ ක‍්‍රියාවලි දක්වා ඇති අතර මිත‍්‍රපාක්ෂිකයන් හා තෝරාගත් අන්තර්ජාතික කොටස් කරුවන් සමඟ හමුදා අභ්‍යවකාශ පද්ධති සංවර්ධනය කිරීම එහි අරමුණ බව කියවේ.

සෙයිට්සෙව් කියන ආකාරයට මෙම අභ්‍යවකාශ හමුදාකරණයේදී ඉදිරි යුද්ධවලදී භයානක ප‍්‍රතිඵල ගෙන දෙන න්‍යෂ්ඨීක හා සාමාන්‍ය අවි යොදා ගැනෙනු ඇත.

අභ්‍යවකාශ අවි තරඟය වැලැක්වීම පිලිබඳ එ.ජාතීන්ගේ යෝජනාවට රුසියාව ඇතුළු රටවල් 169ක් පක්ෂව ඡුන්දය දෙද්දී ඇමරිකාව සහ ඊශ‍්‍රායලය පමණක් ඡුන්දය දීමෙන් වැලකී සිටියහ.

2007 දී චීනය විසින් පරණ චන්ද්‍රිකාවක් බිම හෙලීම ගැන ඇමරිකාව බියවී සිටින බවද සෙයිට්සෙව් කියා ඇත.

අභ්‍යවකාශ ක‍්‍රියාවන් තම වාසියට පාලනය කර ගැනීමට ඇමරිකාව සහ මිත‍්‍ර පාක්ෂිකයන් උත්සාහ කරන බවත් ඒ පිලිබඳව ඔවුන් සකස් කරන කෙටුම්පතට රුසියාව හා චීනය අත්සන් නොකරනු ඇති බවත් ඔහු අනතුරු හඟවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles