‘අයි ෆෝන්’ සහ ‘අයි පෑඞ්’ මෙවලම් මිලදී ගැනීම සඳහා චීන පාසැල් සිසුවෙකු විසින් ඔහුගේ වකුගඩුවක් විකිණීම පිළිබඳව සහ නීති විරෝධී ශරීරාංග අලෙවිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව චීන පුවත් අඩවි වාර්තා කරයි.
මෙම පිරිස අතර පාසැල් සිසුවගේ වකුගඩුව ඉවත් කිරීමට සැත්කම කල වෛද්‍යවරයාද වේ. චෝදනා ඔප්පු වුවහොත් චූදිතයන්ට වසර පහක් දක්වා සිර දඬුවම් නියම වනු ඇතැයිද එම වාර්තාවල දැක්වේ.
වකුගඩුව ඉවත් කිරීමෙන් පසු සිසුවා අසාධ්‍ය තත්වයෙන් පසුවන අතර ඔහු නඩු විභාගය සඳහා අන්තර්ජාලය හරහා සම්බන්ධ කර ගැනීමට නියමිතය.
වකුගඩුව සඳහා සිසුවාට ලැබී ඇත්තේ ඩොලර් 3,000ක් වන අතර ජාවාරම්කරුවන් එය ඩොලර් 35,000කට විකුණා ඇතැයිද සඳහන්‍ය.
http://youtu.be/iAlfwLnEbTQ