අලුත්ම තා‍ලේ මෝටර් රථ සොරකමක්

යතුරක් නොමැතිව බි.එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථ පණ ගැන්විය හැකි උපකරණයක් පිළිබඳ තොරතුරු අන්තර් ජාලයේ බෙදා හැරුණි. ගෝගෝ ලෙස නම් කර ඇති මෙම උපකරණය යොදාගෙන මෝටර් රථයක් පැහැර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්ද එහි විය.
විනාඩි 3ක් ඇතුළත කොල්ලකරුවන් වාහනය පණ ගන්වාගෙන යන ආකාරය වීඩියෝවේ සටහන් විය. මේ ගැටලුවට මුහුණ පා සිටින්නේ 2011 වසරේ සැප්තැම්බර් මාසයට පෙර නිෂ්පාදනය කළ බි එම් ඩබ්ලිව් වර්ගයේ වාහන හිමියන්ය. එයට පිළියමක් ලෙස සමාගම විසින් ගෝගෝට ප්‍රතිචාර නොදක්වන සංවේදයක් නිපදවා තිබේ. අධික මිලකින් යුතු නව සංවේදකය තම පාරිභෝගිකයන්ගේ වාහනවල නොමි‍ලේම සවිකර දීමට සමාගම තීරණය කර තිබේ.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...