අලුත් රටක් හදන්න ඉස්සෙල්ලා ඕයි අලුත් ළමයෙක් හදනවා August 17, 2012 Comments Off on අලුත් රටක් හදන්න ඉස්සෙල්ලා ඕයි අලුත් ළමයෙක් හදනවා 4 Views මට දැන් දේශපාලන කතා තහනම් කරලා… දහම් පාසල්වලට ගිහිල්ලා අම්මලාටයි , දරුවන්ටයි , ගුරුතුමන්ලාටයි කතා කරන්නලු… අලුත් රටක් හැදීමට පෙර අලුත් ළමයෙක් හදන ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතාට පවසා ඇත.මේ බව සූරියප්පෙරුම මහතා විසින්ම පවසා ඇත. ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ (16) කොළඹ දී පැවැති, දිවංගත කලාශූරි අරිසෙන් අහුබුදු ගුණ සමරු උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය. එහිදී ඒ මහතා පවසා ඇත්තේ …. ‘‘මට දැන් දේශපාලන කතා තහනම් කරලා තියෙනවා. මට කියලා තියෙනවා තමුසේ යන්න එපා දේශපාලන කතාවලට කියලා. තමුසේ දහම් පාසල්වලට ගිහිල්ලා අම්මලාටයි, දරුවන්ටයි, ගුරුතුමන්ලාටයි කතාකරන්න ඒ ඇති ඕයි කියලා මට කිව්වා මගේ ලොක්කා. මං ඇහුවා මොකක් හදන්නද ‘අලුත් රටක් හදන්න ඉස්සෙල්ලා ඕයි අලුත් ළමයෙක් හදනවා‘ කිව්වා“ වශයෙනි. Share 2012-08-17 ceylonradio Share Facebook Twitter Google + Pinterest