22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

අවසන් ණය වාරිකය ලබාදීමට අයි.එම්.එෆ් අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 2 . 6 ක ණය මුදලේ අවසන් ණය වාරිකය ලබාදීමට එම අරමුදල තීරණය කර තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 415 ක මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය හිමිව ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

ඊයේ(02) රැස්වූ එම අරමුදලේ විධායක සභාව ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන හැකියාවන් පිළිබඳ සෑහීමකට පත්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහය දැක්වීමේ අරමුණින් අමෙරිකානු ‍ඩොලර් බිලියන 2 . 6 ක සමස්ත ණය මුදලක් ලබාදීමට තීරණය කෙරුණි.

එම ණය මුදල වාරික කිහිපයකින් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගනු ලැබීය.

ඒ අනුව එහි මුල්ම ණය වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 322 . 2 ක මුදලක් 2009 වසරේ ජුනි මාසයේ දී නිකුත් කෙරුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවසන් වාරිකය ලෙස අටවන ණය වාරිකය ලබාදෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles