19.1 C
London
Thursday, June 19, 2025
spot_img

අවුරුදු 25 න් දෙහිවලට සිංහ පැටියෙක්

සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ දකුණු කොරියාවේ සොල් සත්වෝද්‍යානයේ සිට සිංහයෙකු -09- මෙරටට රැගෙන ඇවිත් තිබේ.

පෙරවරු 7.00 ට පමණ දෙහිවල සත්වෝද්‍යානය වෙත මෙම සිංහයා රැගෙන ආ බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා සඳහන් කළේය.

මෙලෙස දෙහිවල සත්වෝද්‍යානය වෙත සිංහයෙකු රැගෙන ආවේ වසර 25 ට පමණ පසුව බව නිහාල් සෙනරත් මහතා පැවසීය.

දෙහිවල සත්වෝද්‍යානයේ මේ වන විට සිංහයින් 7 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 15 ට වැඩි සතුන් බව සඳහන්ය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles