අවුරුදු 78 මහල්ලාගෙන් දැරියන් තුනකට වරින් වර අතවර

එකම පවුලේ බාල වයස්කාර දැරියන් තිදෙනකුට වරින් වර ලිංගික අතවර කිරීමේ සිද්ධියක් මත වයෝවෘද්ධ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි. මොරවක රඹුකන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10, 06, 05 යන වයස්වල දැරියන් තිදෙනාට වරින් වර ලිංගික අතවර කර ඇතැයි දැරියන්ගේ මව විසින් මොරවක පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම නිවෙස ආසන්නයේම පදිංචිකරුවකු වන 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු 27 වැනි දින සවස මොරවක පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මොරවක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් රණතුංග (54330) හා කා.පො.කො. උදේනි (5333) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ. වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරියන් තිදෙනා මව භාරයේ රෝහල්ගත කර ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...