12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

අවුරුදු 78 මහල්ලාගෙන් දැරියන් තුනකට වරින් වර අතවර

එකම පවුලේ බාල වයස්කාර දැරියන් තිදෙනකුට වරින් වර ලිංගික අතවර කිරීමේ සිද්ධියක් මත වයෝවෘද්ධ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි. මොරවක රඹුකන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10, 06, 05 යන වයස්වල දැරියන් තිදෙනාට වරින් වර ලිංගික අතවර කර ඇතැයි දැරියන්ගේ මව විසින් මොරවක පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම නිවෙස ආසන්නයේම පදිංචිකරුවකු වන 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු 27 වැනි දින සවස මොරවක පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මොරවක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් රණතුංග (54330) හා කා.පො.කො. උදේනි (5333) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ. වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරියන් තිදෙනා මව භාරයේ රෝහල්ගත කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles