19.2 C
London
Monday, May 19, 2025
spot_img

අසරණ මව් පුතුගේ කදුළු කතාව ‘මාලක’ ගේ නෙත් තෙමයි

වෙනස්ම දේවල් ඉදිරිපත් කරමින් අලුත් වෙනසක් සෑමදාම කිරීමට උත්සාහ දරන ස්වාධීන රූපවාහිනියේ ‘වෙනස’ වැඩසටහනින් නෙතට කදුළු ගෙනෙන අතිශය සංවේදී සිදුවීම් ද අප හමු‍වට ගෙනෙයි.

ඒ අතර අසාමාන්‍ය රෝගයන්ගෙන් පෙළෙන ජීවිතයේ පතුලේ අන්ත අසරණව දුක් විදින පුද්ගලයන්වත් ඔවුන්ව තව දිනක් හෝ ජීවත් කිරීමට වෙර ද‍රන ඔවුන්ගේ සහෘදයන්වත් අපට පෙන්වන්නේ ඔවුන්ගේ දුක්බර ජීවිතය වෙනුවෙන් අපටත් කළ හැකි දෙයක් ඇති බව මතක් කර දෙමිනි.

මෙයත් එවන් අතිශයින් දුක්බර එක් ශෝචනීය පුතෙක් සහ ‍මවක් අතර කථාවකි. දෙවැනි බුදුන් වූ අම්මා කෙනෙක් අසාමාන්‍ය රෝගයකින් එක් තැන් වී කිසිවක් කර ගත නොහැකිව ඇදේ වැතිර සිටින තම පුතු ජීවත් කරවන්න දරන වෙර වෑයමකි. අහිංසක අම්මාගේත් අසරණ පුතාගේත් කදුළු කතාන්දරය සැබවින්ම දුටු සැමගේ හදවත හැඩවීමට තරම් දුක්බරය.

‘වෙනස’ වැඩසටහනින් පසුගිය දිනෙක පෙන්වූ මේ වැඩසටහන ඔබ මෙන්ම මේ රටේ නමගිය තවත් පුද්ගලයෙක් නරඹා ඇත. එය නරඹා සැබවින්ම ඔහුගේ නෙතට කදුළු ඉනු බව ඔහු මේ අම්මාට පවසන්නේ බොරුවට විය නොහැක. ගහක් ගලක් මෙන් දරුණු හිත් පවා ඇඩවීමට සමත් මේ මව් පුතුගේ කදුළු කතාව මාලක සිල්වාටත් දෙනෙතටත් කදුළු ගෙනාවේය.

කෑමට බීමට අවශ්‍ය සියළුම දෑත් රැගෙන ඔහු‍ තම පිරිවර සමග මේ මව් පුතු බලන්න පැමිණියේ ඔහුට මේ අසරණ පවුල වෙනුවෙන් කරන්නට හැකි තවත් දේ තිබේදැයි බැලීමටය. එදාම ‘වෙනස’ වැඩසටහනේ කට්ටියත් මේ නිවසට පැමිණියේ සැබවින්ම අහම්බෙනි. අහම්බෙන් වූවත් හැමදාම නරක නාම පටබැදුනු මාලක සිල්වාගේ මේ සත්කාර්යය මෙසේ කැමරාවේ සටහන් කර ගැනීමට ලැබීම ‘වෙනස’ ලද එක්තරා අන්දමක ජයග්‍රහණයක් විය හැකිය.

එසේම මේ අසරණ මව් පුතු වෙනුවෙන් මාලක සිල්වා සහ පිරිවර කළ ඒ උපකාරය අප සැබවින්ම අගය කළ යුතු අතර අපටත් ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකිනම් එය මහගු පිංකමක් බව මෙසේ මතක් කර සිටිමු…

http://youtu.be/J8Ccu5bWBcQ

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles