14.8 C
London
Friday, May 23, 2025
spot_img

අළුතින් සොයා ගත් ”සුපිරි පෘථිවියේ” ජීවය…

පෘථිවිය මෙන් 7 ගුණයක තරම් වත් ස්කන්ධයක් ඇති ජීවයට සුදුසු යයි අනුමාන කෙරෙන තවත් ග‍්‍රහ ලොවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන්ට් හැකිවී ඇත.

HD 4037 අඟටු මිටි තාරකාවට ග‍්‍රහලෝක 6ක් අයිති වන අතර ඉන් එකක් මානව ජීවයට සුදුසු විය හැකි යයි විශ්වාස කෙරේ.

එය ආලෝක වර්ෂ 44 ක් තරම් දුරින් පිහිටා ඇති අතර පෘථිවිය මත දුරදක්න වලින් නැරඹීමට හැති වෙතැයි තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් සොයාගෙන ඇත.

සුපිරි පෘථිවිය ලෙස නම් කර ඇති මෙම ග‍්‍රහ ලෝකය සූර්යාගේ සිට සැතපුම් මිිලියන 55ග8 ක් තරම් දුරකින් ඇති නිසා ජීවත් විය හැකි කලාපයක පවතී. එම කලාපය තුල ජලය පැවතිය හැකිය.

අඟටු මිටි තාරකාවද සූර්යයා මෙන්ම භ‍්‍රමණය වන නිසා එහි පෘථීවියට සමානව දිවා රාත‍්‍රී කාල පැවතිය හැක. තාරකා විද්‍යාඥයන් මෙම ග‍්‍රහ ලොව අවට තවත් සුපිරි පෘථිවියන් 3ක් පමණ සොයා ගත්තත් ඒවා ජලය නොපැවතීමට තරම් සූර්යාට ලඟය.

HARP නම් තාක්ෂණයක් යොදා ගෙන මෙය සොයා ගෙන ඇති අතර එහි සියලු ලක්ෂණ දැන ගැනීම තවම අපහසුය.

ප‍්‍රධාන කතෘ මිකෝ ටුවෝමි ට අනුව මෙය පෘථීවිය මෙන් ශෛලමය ග‍්‍රහ ලොවක් වීමට හෝ නොවීමටද ඉඩ ඇත. විද්‍යාඥයන්ගේ මීලඟ ඉලක්කය දුරදක්න වලින් මෙය ඍජුව දර්ශනය කරගෙන එහි සංයුතිය සොයා ගැනීමය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles