13.5 C
London
Friday, April 25, 2025
spot_img

ආදරණිය මුරලි ඔබට සුභ උපන් දිනයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර ලංකා මාතාව බිහිකළ සුපිරිතම දඟ පන්දු යවන්නා වන්නේ මුත්තයියා මුරලිදරන්ය. එය ශ්‍රී ලාංකික කව්රු උවත් අවිවාදයෙන් තොරව පිළිගත යුතු කරුණකි.. අද ඔහුගේ 41 වන උපන් දිනයයි.. අද අපි විමසා බලන්නට යන්නේ ඔහුගේ ඉතිහාසයෙන් බිඳකි..
කුඩා මුරලි කුන්ඩසාලේ නත්තරංපොත දී ලක්ෂ්මි සහ සින්නසාමි මුත්තයියා මව් පියනට දාව 1971 අප්‍රේල් මස 17 වන දින උපත ලත් අතර ඔවුන්ගේ පවුලේ දරුවන් හතර දෙනා අතුරින් වැඩිමලා විය. ඔහුගේ මුල්ම පාසල වුයේ සෙන්ට් ඇන්තනී විදුහල යි. මද වේග පන්දු යවන්නෙකු ලෙස තම ක්‍රිකට් දිවිය ආරම්බ කරන කුඩා මුරලි, ඔහුගේ පුහුණුකරුවා වූ සුනිල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව වයස 14 දී දඟ පන්දු යවන්නෙකු ලෙස පරිවර්තනය වුවේය. එතැන් පටන් දඟ පන්දු යවන්නෙකු ලෙස හා මැදපෙළ පිතිකරුවෙකු ලෙස තම ක්‍රිකට් දිවිය වෙනස් කරගත් මුරලි සෙන්ට් ඇන්තනි විදුහලේ ඔහුගේ අවසාන වාර දෙකේදි විකට්ටු සියයක් ලබා ගත් අතර 1990/1 වසරේ ‘බාටා පාසැල් ක්‍රිකට් ශූරයා’ සම්මානය ලබා ගත්තේය.
පාසලෙන් නික්මී ටැමිල් යුනියන් සමාජයට එක්වන මුරලි එහිදී පෙන්වන දක්ෂතා අනුව 1991 දී ශ්‍රී ලංකා A පිල නියෝජනය කරමින් එංගලන්ත සංචාරයට සහභාගී විය. එහෙත් තරග පහකට ක්‍රීඩා කල මුත් එකදු විකට්ටුවක් හෝ ලබා ගැනීමට මුරලිට හැකියාවක් ලැබුනේ නැත.
පසුව ඇලන් බෝර්ඩර්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පුහුණු තරඟයට 1992 දී ක්‍රීඩා කරන මුරලි තමාගේ පළමු ටෙස්ට් තරගය 1992 අගෝස්තු 28 වන දින කොළඹ R. ප්‍රේමදාස පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකරනු ලබයි.
එහිදී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 17ක් යවා ලකුණු 32ක් ලබාදී එක කඩුල්ලක් ලබන්නේ දිගු ශ්‍රේෂ්ඨ ගමනක අරඹය සනිටුවහන් කරමින්ය. මුරලිගේ මංගල කඩුල්ල වන්නේ McDermott ය.
එතැන් පටන් විවිද කම් කොටුළු දුක් ගැහැට අභියෝග මැද මුරලි ටෙස්ට් තරග 133ක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර කඩුලු 800ක් තම කඩුලු ගොන්නට එකතු කරගන්නේ ලොව කිසිම ක්‍රීඩකයෙකුට එම කඩුලු නිමාව පහු කරනවා විනා ලං වීම පිළිබඳව සිතීමටවත් ප්‍රශ්නාර්ථයක් ඉතිකරමිනි.
ටෙස්ට් තරගයකදී මුරලිගේ සාමාන්‍ය 22.72 කි. මුරලිගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ 2002 වසරේදී මහනුවර අස්ගිරි ක්‍රීඩා පිටියේදී සිම්බාබ්වේ පිලට එරහිව ලකුණු 51ත කඩුලු 9ක් ලබා ගැනීමයි. ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුගෙන් එවන් දස්කමක් කල ක්‍රීඩකයෙකු ඇත්නම් ඒ මුරලි පමණය. ටෙස්ට් තරගයක මුරලිගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ එංගලන්ත පිලට එරහිව එංගලන්තයේ oval පිටියේදී සම්පුර්ණ තරගයේ ඉනිම් දෙකේදීම ලකුණු 221ක් ලබාදී කඩුලු 16ක් ලබාගැනීමයි.
කැලැන්ඩර වර්ෂයකදී ෂේන් වොර්න් ට පමණක් දෙවෙනි වෙමින් මුරලි 2006 වර්ෂයේ ටෙස්ට් තරග 11කට සහභාගී වී කඩුලු 90ක් දවන්නේ ටෙස්ට් තරගයක සාමාන්‍ය 16.90 ලෙස රන්දවාගනිමිනි.
මෙසේ වාර්තා පිට වාර්තා තබමින් ලංකාව වෙනුවෙන් සිය කඩුලු දඩයම ක්‍රියාත්මක කරමින් මුරලි ක්‍රීඩකයෙක් එක් ක්‍රීඩාපිටියක පන්දු යවන්නෙක් ලබාගන්නා වැඩිම කඩුලු සංඛ්‍යාවේ අංක 1, 2, 3 ස්ථානයන් ඔහු විසින්ම හිමිකරගනී. කොළඹ SSC පිටියේදී තරග ටෙස්ට් තරග 24 කට ක්‍රීඩා කරන මුරලි එහිදී කඩුලු 166ක් තමන්ගේ කඩුලු මල්ලට දමන්නේ දෙවරක් නොසිතමිනි. අස්ගිරිය පිටියේදී තරග 16 ට කඩුලු 116ක්ද ගාල්ල පිටියේදී තරග 15 ට කඩුලු 111 ක්ද ප්‍රතිවාදීන්ගෙන් ලබාගැනීමට සමත්වෙයි.
ටෙස්ට් තරගයකදී ඉනිමකදී කඩුලු 5 ට වඩා ලබාගත් අවස්ථා වැඩිම ගන්නට හිමිකම් කියන්නේ මුරලිය. ඔහු ඉනිමක කඩුලු 5 බැගින් අවස්ථා 67කදි ලබාගෙන තිබේ. තවද ටෙස්ට් තරගයක කඩුලු 10 හෝ ඊට වැඩියෙන් ලබාගත් ක්‍රීඩකයන් අතුරින්ද මුරලි සිටින්නේ අංක එකේය. ඔහු එවන අවස්ථා 22ක් ලබාගෙන තිබේ.
මුරලි මෙසේ තමන්ගේ ටෙස්ට් තරග කාලසටහන වාර්තා පිට වාර්තා තබමින් 2010 වර්ෂයේ ජුලි 18 වන දින ගාල්ලේදී ඉන්දිආවට එරහිව නිමාවට පත් කරයි. ඔහු සමුගන්න විට ලංකා මාතාවට ඔහුට ලබාදිය හැකි ඉහලම ගව්රවයන් අප මේ ලක් මාතාවට ලබා දී අවසානය.
මේ සටහන් කරන මා එක දෙයක් අමතක කරේ නැත. ඒ මුරලිගේ එක්දින තරග පිළිබඳවය. ටෙස්ට් තරග ලෙසටම මුරලි එක්දින කඩුලු ලාබියන්ගෙන්ද අංක එකේ වැඩිම කඩුලු ලාබියා වන්නේද අපේ මුරලිය. ඔහු තරග 350කදි කඩුලු 534ක් ලබාගෙන තිබේ.
කෙසේවෙතත් මුරලි මේ තත්වයන්ට ලෙහෙසියෙන් පැමිණියේ නැත. ලෝකයේ කුඩා රාජ්‍යක් වූ අපේ මවුබිමේ කළු කොල්ලෙක් සුද්දන්ගේ ක්‍රීඩාව අල්ලේ නටවද්දී එය බලාගෙන සිටින්නට බැරි වූ බොහෝ පිරිස් මුරලිට අකුල් හෙලුවේය. එහෙත් මුරලි ඇතුළුව ශ්‍රී ලංකික ජනතාව ඒවා ප්‍රතික්ෂේප කරේ අලුයම ඉවතලා කෙළ පිඬක් සේයා.
එහෙයින් මේ අසමසම ක්‍රීඩකය දැන් සිටින්නේ ඉන්දියාවේය. ඉන්දියානු ප්‍රිමියර් ලිග් තරග වලියට සහභාගී වෙමින් ඔහු රෝයල් බැංගලෝර් පිලට ක්රිදාකරනු ලබයි. අප අපගේ හිත් සතන් තුලින් නැගෙන පිරිසිදු සුභාසිංශන මුරලිට පිරිනමන්නේ හදපිරි බැතියෙනි..
මා මෙසේ මේ සටහන අවසන් කරමි.
මුරලි ඔබ ලාංකිකයෙකු වී ලක්මවට දුන් දෑ බොහෝය. එත් ව්‍යවස්ථාවෙන් ඔබ සුළු ජාතිකයෙකි. එහෙත් මහා ජාතිය වන සිංහලයන්ට ඔබෙන් උගත යුතු දෑ බොහෝය. හදවතින් තමන්ගේ රටට ක්‍රීඩා කල ඔබ අදටත් හෙටටත් මතුවටත් ඔබ අපේ සදාකල් වීරයෙකි.

529482_10151603335065619_493157742_n

 

533592_10151603335225619_727475010_n

 

62622_10151603335340619_1216944926_n

 

541856_10151603335320619_600070905_n

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles