12.6 C
London
Thursday, May 15, 2025
spot_img

ආදරණීය දිනපොත

වසර කිහිපයකට පෙර ආදරවන්තයො දෙන්නෙක්ට ආදරේ මුලින්ම හැඟුනු දවසක දිනපොතේ ඔවුන් මෙන්න මේ විධියට සටහන් තබනවා…



GIRL►

දයාබර දිනපොත,
මම දුටුවා ඔහු මාව පසු කරඟෙන ගියා. මට මොහොතකට ලෝකයම නතර වෙලා වගේ හැඟුනා. පුංචි කාලේ ඉඳන්ම මම එයාව දැක්කම හිනා වෙනවා. ඒත් අද මට එයා එක්ක හිනා වෙන්න හිතට ලොකු බියක් දැනුනා. එයා රගර් ටීම් 1කේ කැප්ටන්, ඉතිං මම වගේ සාමාන්‍යය කෙනෙක් එක්ක එයා කවදාවත්ම ආයෙත් හිනා වෙන්නෙ නෑ කියල මම දන්නවා…

BOY►
දයාබර දිනපොත,
මම අද ප්‍රැක්ටිස් ඉවර වෙලා එන අතරෙදී ඇය මාව පසු කරඟෙන ගියා. ඉස්සර විද්‍යාව පන්තියේදී ඇය මගේ ලඟ වාඩි වෙලත් තියෙනවා. මම ඇයත් එක්ක සිනා සෙන්න උත්සාහ කරා, ඒත් ඇය බිම බලාගෙනම මාව නොදැක්ක වගේ යන්න ගියා. දඟකාර කෙල්ලෝ කීපදෙනෙක්ගේ ආදරේ එක්වර ලැබුනත් ඒ වගේ අහිංසක කෙල්ලක් මට අයිති නෑ කියල මට දැන් හිතෙනවා…

ටික දිනකට පසු ඔවුන් නොසිතූ පරිදි ආදරේ ඔවුන්ව ලංකරනවා. ඒත් ඒ ආදරේ හරිම ඉක්මනින් නැති වෙලා යනවා. එදා ඒ දෙන්නගේ දිනපොතේ වෙන්වයාම ගැන සටහන් තැබෙන්නේ මෙන්න මේ විධියට…

GIRL►
දයාබර දිනපොත,
මම අද ඔහු ගෙන් වෙන්වුනා. මම එයාට කිව්වා මම සතුටින් නෑ කියලා. ඒත් ඒ ඇයි කියලවත් එයා ඇහුවේ නෑ. මම හිතුවා එයා මට නවතින්න කියාවි කියලා. ඒත් එයා මොනවත් කිව්වේ නෑ. සමහරවිට එයාටත් මගෙන් වෙන්වෙන්න ඕන වෙලා තියෙන්න ඇති. මම කාලයක් පෙරුම් පුරලා දිනා ගත්තු මගේ ආදරේ ඒ විධියට අද මගෙන් ඈත් වුනා…

BOY►
දයාබර දිනපොත,
ඇය අද මගෙන් ඈත් වුනා. ඇය කිව්වා ඇය සතුටින් නෑ කියලා, මට ඇයි කියල අහන්නත් දුක හිතුනා. මට උවමනා වුනා ඇයව නතර කරන්න, ඒත් ඇය මාත් එක්ක ඉන්නේ සතුටින් නෙවෙයි නම් මම ඇයව නතර කරන්නේ කොහොමද. මම සිහින දැකපු මගේ ආදරේ අද මට ඒ විධියට අහිමි වුනා…

ආදරේ කරද්දී දෙදෙනාගේ සිතුම් පැතුම් දෙදෙනා එක්ක බෙදා හදාගන්න මතක තියා ගන්න…

”Love means Caring and Sharing”

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles