ආදරයට විරුද්ධ වුණයි පෙම්වතා පෙම්වතියට පිහියෙන් ඇනලා

රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන යැමට විරුද්ධවීම නිසා කෝපයට පත් වූ කැකිරාව තිබ්බොටුවාවැව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයකු 17 හැවිරිදි තරුණියකට පිහියෙන් ඇන කෲර අන්දමින් ඝාතනය කර ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ ශසිකලා මාධවී ජයසිංහ නමැති තරුණියකි. ඊයේ (03 වැනිදා) පෙ.ව. 11.30 ට පමණ වූ මෙම සිද්ධියෙන් තරුණියගේ මව සහ සැකකාර තරුණයාගේ මව ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

තරුණියට පිහියෙන් ඇන මරා දැමූ තරුණයා
පසුව වස පානය කර ඇති අතර ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.පරීක්‍ෂණවලින් හෙළි වී ඇති අන්දමට කැකිරාව සේනපුර කාගම ප්‍රදේශයේ පදිංචි තරුණිය සහ සැකකාර තරුණයා අතර කාලයක්‌ තිස්‌සේ ප්‍රේම සම්බන්ධතාවක්‌ තිබී ඇත.

තරුණියගේ වැඩිහිටියන් විරුද්ධ වීම නිසා පසුව ඇය මෙම ප්‍රේම සම්බන්ධතාව නතර කර තිබේ. ප්‍රේම සම්බන්ධතාව නතර කර දැමීම නිසා දැඩි ලෙස කෝපයට පත්ව සිටි තරුණයා ඇයට නිතර නිතර තර්ජනය කරමින් නැවත සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ කර ඇත.

තරුණයාගේ තර්ජන ගර්ජන ඉවසා ගත නොහැකිව තරුණිය සහ ඇගේ මව මේ පිළිබඳව කැකිරාව පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ද කර තිබිණි.
තරුණයාගෙන් එල්ල වන බලපෑම් පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැනුම් දීමට ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට තරුණිය සහ ඇගේ මව ඊයේ පෙ.ව. 11.00 ට පමණ කැකිරාව තිබ්බොටුවාවැව ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත.

ඒ අවස්‌ථාවේ තරුණයාගේ මවත් සැකකරුගේ මවත් අතර බහින්බස්‌ වීමක්‌ ද ඇති වී තිබේ. එහිදී කෝපයට පත් වූ සැකකාර තරුණයා තරුණියට පිහියෙන් ඇන මරා දැමූ අතර එය වැළැක්‌වීමට උත්සාහ කළ ඇගේ මව සහ තරුණයාගේ මව ද තුවාල ලබා ඇත.

තරුණිය මරා දැමූ සැකකරු වත්ත පහළට ගොස්‌ වස පානය කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් ඔහු කැකිරාව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...