මනුෂ්‍ය ශරීරයට අහිතකර ඩයිසයිනඩයමයිඞ් (D.C.D.) නමැති රසායනිකය ආනයනික කිරිපිටිවල අඩංගුදැයි පරීක්ෂා කිරීමට කටයුතු කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.
මෙම පරීක්ෂාව සිදු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ පහසුකම් නොමැති බැවින් විදේශ රටක දී සිදු කිරීමට තීරණය කළ බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පැවසීය.
ආනයනික කිරිපිටිවල ඩයිසයිනඩයමයිඞ් අඩංගු බවට විවිධ පාර්ශවවලින් පැමිණිලි ලැබීම හේතුවෙන් මෙසේ පරීක්ෂා කර බැලීමට පියවර ගන්නා බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.