ආයුර්වේද දුම්වැටියක්
December 2, 2012
41 Views
‘ග්‍රීන්ලීෆ්’ නම් ආයුර්වේද දුම්වැටියක් නිෂ්පාදනය කිරීමට ආයුර්වේද වෛද්‍ය රෝහාන් බැසිල් නිශ්ශංක නම් තැනැත්තෙක් සමත් වී ඇත. මේ අපුරු දුම්වැටියේ ඇති විශේෂ ගුණාංගයක් වන්නේ එමගින් නැගෙන දුම මගින් වායු කෝටර පවිත්‍ර වී පීනස් රෝග මෙන්ම ශීර්ෂාබාධ ද සමනය කිරීමට හැකියාවයි.
ඖෂධීය ශාක පත්‍ර පමණක් යොදාගෙන මෙය නිෂ්පාදනය කර ඇති අතර මෙය ශරීරයට මෙන්ම පරිසරයට ද හිතකර වන අතර දුම්වැටිවලට ඇබ්බැහිවූවන්ට කදිම ආදේශකයක් වන බව වෛද්‍ය රෝහාන් බැසිල් මහතා පවසයි.
දැනට මෙම දුම්වැටිය සදහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට වෛද්‍ය රෝහාන් මහතා පියවර ගෙන ඇත.
featured Latest slider 2012-12-02