ඇත්තටම ලංකවේ සංචාරයේ යෙදීම අනතුරුදායක ද​?

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙ‍දෙන්නන් පැහැර ගැනීමට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු විය හැකි බවට බ්‍රිතාන්‍යය විදේශ සේවා කාර්යාලය විසින් අනතුරු අඟවා තිබේ.

සංවිධානාත්ම ආයුධ සන්නද්ධ කණ්ඩායම් අවධානයෙන් යුතුව පසුවන බැවින් ඔවුන්ගේ ඉලක්ක බවට පත්විය හැකි බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් බ්‍රිතාන්‍ය විදේශ සේවා කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයින්ට උපදෙස් ලබා දී ඇත.

මෙම සංවිධානාත්ම ආයුධ සන්නද්ධ කණ්ඩායම් බ්‍රිතාන්‍ය ජාතිකයින් පමණක් ඉලක්ක ගත කරගෙන ක්‍රියාත්මක වන බවට කරුණු අනාවරණය වී නැති බවත්, පොදුවේ සංචාරක ප්‍රදේශවල මොවුන් අපරාධ සිදුකරන බවටත් බ්‍රිතාන්‍යය විදේශ සේවා කාර්යාලය පෙන්වාදෙයි.

එසේ වුවද 2011 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සංචාරක නිකේතනයකදී ඝාතනයට ලක්වුණු බව හා ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුනොවුණු වගද ඔවුන් සිහිපත් කරයි.

ඇත්තටම ලංකවේ සංචාරයේ යෙදීම අනතුරුදායක ද යන්න බ්‍රිතාන්‍ය වැසියන් ගේ සිතේ යම්කිසි කුකුසක් ඇති කිරීමට  බ්‍රිතාන්‍ය රජය විසින් තම රජයේ නිල වෙබ් අඩාවියේ ලංකවට අදාල කරුනු රැසක් දක්වා තිබේ (https://www.gov.uk/foreign-travel-advice/sri-lanka/safety-and-security).

මෙහි සත්‍ය අසත්‍යතාව පිලිබදව ලංකාවේ රජය බ්‍රිතාන්‍ය රජයට පැහදිලි කර දෙනවානම් අප රටට මෙලෙස සිදුවන අපකීර්තිය අවම වනවා පමනක් නොව තව තවත් සංචාරකයන් රැසක් පැමිනෙනු ඇත​.

 

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...