ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට කිසිවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කොට තිබේ. අද දහවල් කොළඹ 7 ප්රදේශයේ පිහිටි ප්රධාන වෙළදසංකීර්ණයක වාහන රථගාලේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා පවසයි.
තුවාල ලැබූ මාලක සිල්වාගේ මුහුණට හානී සිදුවී ඇති බැවින් ඔහුව ස්කෑන් පරීක්ෂණයකට මේවන විට යොමු කර ඇතැයි අදාළ පුද්ගලික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.