මන්නාරම මහේස්‍ත්‍රාත්වරයාට තර්ජනය කිරිම හා අධිකරණ සංකීර්ණයට ප්‍රහාර එල්ල කිරිමට විරෝධය පළ කරමින් ඊට සම්බන්ධ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නීතිඥවරුන් අද (23) දහවල් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට පෙරට එනු, අධිකරණයට පහරදුන් ඇමති අත්අඩංගුවට ගනු, අධිකරණය රැක ගමු, එදා නීතිඥවරුන්ට අද විනිසුරුවරුන්ට, හෙට කුමක්ද යන ප්‍රශ්නාර්ථ ලකුණු සහිතව විරෝධතා පුවරු රැගෙන අදාළ නීතිඥවරුන් මෙලෙස විරෝධතා දක්වන ලදි.අදාළ විනිසුරුවරයාට තර්ජනය කිරිම හා අධිකරණයට පහරදීම යන චෝදනා යටතේ ඇමති රිෂාද් බදියුදීන්ට එරෙහිව අභියාචනා අධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති බවත් එය හෙට (24) දිනයේදි කැඳවීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා පවසා සිටියේය.එම අවස්ථාවට තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් රැසක් ද සහභාගි වී තිබේ.