Wednesday , 12 February 2025

ඇමරිකවේ ජීවත් වෙන ලංකාවේ අලි.

ඇමෙරිකාවේ වොෂින්ටන් ජාතික සත්වෝද්‍යානයේ සිටින විවිධ දක්ෂතා වලින් යුත් ශ්‍රී ලාංකික අලියන් තිදෙනෙක් ලංකාවේ නම සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමට සමත් වී ඇත.

ඉන් දෙදෙනෙකු කුඩා කාලයේ පින්නවල අලි අනාථාගාරයේ එකට සිට පසුකලෙක ඇමෙරිකාව වෙත ගෙන යනු ලැබූ අලින්ය. අනෙකා වොෂින්ටන් හිදී උපත ලද පැටවෙකි. නමින් ශාන්ති, කන්ඩුල සහ බෝසී වන මේ අලින් තුන්දෙනා මේ වන විට වොෂින්ටන් සත්තු වත්තේ වඩාත්ම ජනප්‍රිය සතුන් බවට පත්වී ඇත.

බෝසී ඇතින්න පින්නවල සිට ඇමෙරිකාවට ගෙන ගොස් ඇත්තේ 1976දීය. ඒ වනවිට අයගේ වයස අවුරුද්දක් විය. ඇය කලින් කලට ඇමෙරිකාවේ සත්වෝද්‍යාන කිහිපයකම ජීවත් වී ඇත. බොසී ඇතින්න චිත්‍ර ඇඳීමේ දක්ෂතාවයක් දක්වන බවට විශාල ප්‍රසිද්ධියක්ද ලබා ගෙනසිටී. ඇගේ මේ දක්ෂතාවය පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා ඇමෙරිකාවේ ප්‍රධානපෙලේ පුවත්පත්, සඟරා සහ රුපවාහිනී මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ ප්‍රචාරයවෙයි. මේ හේතුවෙන් ඇය “අද්විතීය කුසලතා ඇති ඇතින්නක” ලෙසටද නමක් ඇතිකර ගැනීමට සමත්ව සිටී.
දැනට 38 වියේ පසුවන ඇය වොෂින්ටන් සත්තු වත්තට මාරුකරන ලද්දේ එහි ක්‍රියාත්මක වන සත්ව ප්‍රතිජනන වැඩපිළිවෙල සඳහා සහාය කර ගැනීම උදෙසා බව සත්වෝද්‍යානය මඟින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

වොෂින්ටන් සත්තුවත්තේ ඉන්නා ශාන්ති ඇතින්න බොසී සමඟ පින්නවල එකට සිටි ඇතින්නකි. 1975 දී ඉපදුණ ශාන්ති අලිපැටවා ශ්‍රී ලංකාවේ දරුදැරියන්ගේ තෑග්ගක් ලෙස වොෂින්ටන් සත්තු වත්තට ලබා දී ඇත්තේ 1976දීය. 2001 නොවැම්බර් 21 වනදා වො

ෂින්ටන් ජාතික සත්තුවත්තේදී ඇයට ලැබුන පැටවා නම් කර ඇත්තේ කණ්ඩුල ලෙසිනි.

මේ අලින්ට අමතරව ඉන්දියාවෙන් ලබාගත් දැනට වයස අවුරුදු 65ක් වන අම්බිකා නම්වූ වියපත් ඇතින්නක්ද වොෂින්ටන් සත්තුවත්තේ සිටීයි.

මේ අලින්හට එක රංචුවක් ලෙස සිටීමේ පහසුව ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ඩොලර් මිලියන 56ක් වැයකරමින් වොෂින්ටන් සත්තුවත්තේ නවතම අලි ගාලක් නිර්මාණය කර ඇත. අලින් හට ඇවිද යාමට ඉඩ ලබාදෙමින් විශාල බිම් ප්‍රමාණයක නිර්මාණය කර ඇති එම කුටියේ වැට කඩොලු තනා නැත. ඒ වෙනුවට දිය අගල් නිර්මාණය කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන සත්තුවත්තේ පශුවෛද්‍ය දොන් මුවර් පවසන්නේ “අපගේ අලින් රංචුවක් ලෙස ඉඩ පහසුකම් ඇතිව එකට ඉන්නට සැලැස්වීම අපගේ බලාපොරොත්තුවයි. එකිනෙකා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම අලින් අතර ඇති සුවිශේෂී භෞතික ගුණාංගයක්. හොඳ මතකයක් ඇති නිසා ශාන්ති සහ බොසීට ශ්‍රී ලංකාවේ දී එකට සිටි කාලය ගැන මතක්වේවි කියා අපි තුල විශාල බලාපොරොත්තුවක් තියෙනවා. එසේ වුවහොත් ඔවුන්ගේ එකමුතුකම ස්ථිරවීමට එය විශාල උපකාරයක් වේවි කියාය.

“කොහොමනමුත් විශාල ඉඩ ප්‍රමාණයක් ඇති මෙවන් පරිසරයක අලි හතරදෙනෙකු නිදැල්ලේ සිටිනු දැකීම අපගේ සත්තු වත්ත නැරඹීමට පැමිණෙන හැමදෙනාටම අමතක නොවන අත්දැකීමක් වන බවනම් නිසැක වශයෙන්ම කිවහැකි” යනුවෙන් ද ඔහු පවසයි.

තවද අලුතින් නිර්මාණය කරන ලද අලිගාල සකස්කිරීමේදී වඩාත්ම සැලකිලිමත් වුයේ සතුන් දැකබලා ගැනීමට පැමිණෙන මහජනතාවගේ සැප පහසුවට වඩා සතුන්ට හැකිතරම් ඉඩකඩ සහිත ස්වාභාවික පරිසරයක් සකස්කරදීම බවද ඔහු පවසයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...