ඇමරිකානු ගුවන් තොටුපලවලින් නිරුවත් කරන ස්කෑනර් ඉවතට
January 22, 2013
28 Views
ප‍්‍රවාහන ආරක්ෂක මණ්ඩලය ගුවන් තොටුපල වල ශරිර ස්කෑන් කිරීම නැවැත්වීමට තීරණය කර ඇත්තේ පුද්ගලිකත්වය පිලිබඳ නීතිවේදීන් කියන අන්දමට නිරාවරණය වීම අඩු මගී ප‍්‍රතිරූප ලබා ගැනීමේ මෘදුකාංගයක් නිපදවීමට OSI Sytems සමාගම අපොහොසත් වීම නිසාය.
ප‍්‍රවාහන ආරක්ෂක මණ්ඩලය OSI ආයතනය සමඟ තිබූ ඩොලර් මිලියන 5ක ගිවිසුම මේ නිසා අවසන් කිරීමට යයි. පසුගිය වසරේ කලබලකාරී ගුවන් තොටුපලවල තිබූ ස්කෑනර් යන්ත‍්‍ර 76ක් ප‍්‍රවාහන ආරක්ෂක මණ්ඩලය විසින් ඉවත් කර ඇත.
ඉතිරි රැපිස්කෑන් යන්ත‍්‍ර 174 ද OSI සමාගමේ වියදමෙන් ඉදිරියේදී ඉවත් කෙරෙනු ඇතැයි ප‍්‍රවාහන ආරක්ෂක මණ්ඩලයේ සහය පරිපාලක ෂෙල්ටන් වෝටර්ස් ප‍්‍රකාශ කලේය. ඒ වෙනුවට L.S. කමියුනිකේෂන් හෝල්ඩින්ස් ආයතනයේ යන්ත‍්‍ර 60ක් භාවිතා කෙරෙනු ඇත. 2009 දෙසැම්බර් 25 දින උමාර් ෆාරුක් අබ්දුල්මුතල්ලාබ් විසින් නෝත් වෙස්ට් එයාර් ලයින් ගුවන් යානයක් යට ඇඳුමේ තිබු පුපුරණ ද්‍රව්‍ය මගින් පුපුරවා හැරීමේ අසාර්ථක උත්සාහයෙන් පසු ප‍්‍රවාහන ආරක්ෂක මණ්ඩලය මෙම ස්කෑන් යන්ත‍්‍ර භාවිතය වැඩි කලේය.
L-3 ස්කෑන් යන්ත‍්‍ර රේඩියෝ තරංග මගින් ලෝහ හා අලෝහ ද්‍රව්‍ය හඳුනා ගන්නා අතර රැපි ස්කෑන් මගින් අඩු බල ං කිරණ යොදාගෙන මගීන්ගේ ඇඳුම්වලට යටින් ඇති වස්තූන් හඳුනා ගනී. එය හිරිහැරකාරි නිරුවත් පරීක්ෂාවක් ලෙස දක්වමින් ඉලෙක්ට්‍රොනික පුද්ගලිකත්ව තොරතුරු කේන්ද්‍රය විසින් ප‍්‍රවාහන ආරක්ෂක මණ්ඩලයට විරුද්ධව නඩු පවරනු ලැබුණි.
මේ බලපෑම් නිසා ආයතනය L-3 හා රැපිස්කෑන් ආයතන දෙකටම අනාවරණය අඩු මෘදුකාංග නිපදවන ලෙස දැනුම් දෙන ලදී. L-3 2011 දී එම කාර්යය නිම කල අතර රැපිස්කෑන් 2014 වනතුරුත් එය නිමකිරීමට අපොහොත් වන බව පෙනී ගොස් ඇත.
පාලක මණ්ඩලයේ ජෝන් සැන්ඩර්ස් කියන්නේ තමන් මේවා ඉවත් කිරීමට යන්නේ ආරක්ෂක හේතු නිසා නොව ඵලදායක නොවන නිසා සහ නීතිමය ක‍්‍රියාමාර්ගයක් නිසා බවයි.
featured Latest slider 2013-01-22