Wednesday , 22 January 2025

ඇමරිකානු බුද්ධි අංශයේ 2030 දර්ශනය තුල සුපිරි මිනිසුන්, සුපිරි නගර හා සුපිරි පරිඝනක

2030 වන විට පෘථිවියේ තිබෙනු ඇත්තේ මොනවාදැයි යන්න පිලිබඳව ඇමරිකාවේ ජාතික බුද්ධි මණ්ඩලය (NIC) හෙවත් ඇමරිකාවේ ඔත්තු නියෝජිතායතන වල එකතුව මගින් අනාවැකි රැසක් පලකර ඇත.

‘2030 ගෝලීය නැඹුරුතාවයන් – විකල්ප ලෝක’ යනුවෙන් පිටු 140 ක මෙම වාර්තාව සඳුදා නිකුත් කල අතර එහි දශක කීපයකට පසු අනාගතයේ අපේක්ෂා කරන දේවල් ගැන බුද්ධි අංශ විද්වතුන්ගේ අදහස් පලකර ඇත.

වෛද්‍ය ක්ෂේත‍්‍රය හා තාක්ෂණය වර්ධනය වන වේගය අනුව මෙහි ඇති පුදුමයන් සත්‍ය වීමටද බැරි නැත. වෙනස්ම අනාගතයක් කරා මිනිසා යෙමු කරන මානව ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකට අප පැමිණ ඇතැයි මණ්ඩලයේ සභාපති ක‍්‍රිස්ටෝපර් කොයුම් වාර්තාවේ දක්වයි.

මෙහි දක්වා ඇති දේවල් අතර අභ්‍යවකාශ තරණය නිසා සයිබ්‍රොග් වැසියන් සහ ක්ෂණික සුපිරි නගර ඇතිවන කාලය වැඩි ඈතක නොවන බව දැක්වේ. අයහපත් ප‍්‍රතිඵල ඇති නොවන පරිදි නැතිවී ගෙන යන සම්පත් වලින් මනුෂ්‍ය වර්ගයා උසස් කිරීමට රජයන් හා තීරණ ගන්නා අය උනන්දු කරවීම වාර්තාවේ අරමුණයි.

ශල්ක වායුව මගින් ඇමරිකාවේ සහ ලෝකයෙන් කොටසකද ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කල හැකි වනු ඇත. ඇමරිකාව හා චීනය ගෝලීය ගැටළු නිරාකරණයේ මිත‍්‍ර පක්ෂ දෙක වනු ඇත. ඇමරිකානු මෙගා නගර වලින් ඉදිරියේ එන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම මෙහෙයවනු ඇත.

වාර්තාවේ දැක්වෙන පරිදි තවත් විය හැකි දෙයක් නම් ඇමරිකාව ලෝක පොලීසිය නොවන අතර අසමානතාවයන් වර්ධනය වීමෙන් කොටසක් ජයග‍්‍රහණය කර අනෙක් කොටස පරාජිත වේ.

ඉදිරිකාලයේ මනුෂ්‍යයන් වශයෙන් සිටීම අතිශයින්ම මවිත කරවන සුළු එකක් වනු ඇත. අද ශල්‍යකර්ම සිදු කරන්නාක් මෙන් මිනිසුන් සිය භෞතික ස්වභාවය වර්ධනය කර ගනිති.

අවයව බද්ධ කිරීම්, ඇසේ කණීනිකාව වර්ධනය කිරිමෙන් රාත‍්‍රී දර්ශනය ලබා ගැනීම, ස්නායු සංවර්ධනය මගින් මතකය වැඩි දියුණු කිරීම ආදිය ඒ අතර වෙයි.

මේ සියල්ල වන විට ජස්ටින් බීබර් සිය 40 වන වියට ලගා වී සිටිනු ඇත.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...