ඇමරිකානු යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට පැටහැනියි March 13, 2013 Comments Off on ඇමරිකානු යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට පැටහැනියි 5 Views එක්සත් ජනපදය විසින් සාමාජික රටවල් අතර බෙදාහරින ලද යෝජනා කෙටුම්පත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පිළිගත් මූලධර්මට පටහැනි බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පවසයි. මෙම යෝජනාවලිය පූර්වා දර්ශයක් විය හැකි බැවින් දියුණුවන රටවලට මධ්‍යකාලීන හා දිගුකාලීන අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත් තානාපතිවරයා සඳහන් කරයි. මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙනෙනු ලබන යෝජනාවේ කෙටුම්පත පිළිබඳව නොනිල සාකච්ඡුාවක් පසුගිය සිකුරාදා ජානීවා හිදී පැවැතිවිණි. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් සහ අදාළ පාර්ශවයන් විසින් ශ‍්‍රී ලංකාව කෙරෙහි දක්වන ලද උනන්දුව ඇගයීමක් වශයෙන් තම එම සාකච්ඡුාවට සහභාගීවූව ද එහි සිදු වූයේ එම මූලධර්මයන්ට පටහැනි දේශපාලන ක‍්‍රියාදාමයක් බව තානාපතිවරයා පැවසුවේය. 2012 මාර්තුවල දී ඇමරිකා එක්සත් ජනපදය අනුමත කරන ලද වාර්තාව එහි මහකොමසාරිස්වරයා තම තරම ඉක්මවා නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ද තානාපතිවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත් දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව ශ‍්‍රී ලංකාවේ සිදු වන සංහිදියා ක‍්‍රියාදාමයට හා එම සහයෝගීතාවේ ධනාත්මකත වැඩසටහන්වලට මෙය හානිකර නෙවනු ඇති බවත් තමා බලාපොරොත්තුවන බවත් රවිනාථ ආර්යසිංහ මහතා අවධාරණය කරයි. Share featured Latest slider 2013-03-13 ceylonradio Share Facebook Twitter Google + Pinterest