ඇමරිකාවට ආ ටොනේඩෝව 101 මරු කැඳවයි

0
127

_USA-TORNADOES_78

 

අමෙරිකාවේ ඔක්ලහෝමා නගරයට බලපෑ ටොනේඩෝ තත්ත්වයෙන් පුද්ගලයින් 101 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා ළමුන් 20 දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නගරයේ පාසල් සහ නිවාස රැසක් ටොනේඩෝවේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්ය.

ඔක්ලහෝමා නගරයට බලපෑ ටොනේඩෝ තත්ත්වය හේතුවෙන් ජනාධිපති බැරක් ඔබාමා එම ප්‍රදේශයට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වෙතත් ටොනේඩෝවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව නිෂ්චිතව කිව නොහැකි බව අමෙරිකානු වාර්තා පෙන්වාදෙයි.