12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ඇමරිකාවේ සැම්සුන් තහනම් කිරීමේ ඇපල් ඉල්ලීම ඉවතට

ඇපල් සමාගමේ පේටන්ට් බලපත‍්‍රය උල්ලංඝනය කල බව උසාවියකින් පිලිගෙන ඇතත් දකුණු කොරියාවේ සැම්සුන් මගින් නිෂ්පාදිත ඇතැම් ස්මාර්ට් දුරකථන වර්ග ඇමරිකාවේ විකිණිය හැකි බවට ෆෙඩරල් විනිසුරුවරයෙක් තීරණය කර ඇත.

ඇපල් සමාගමේ අයිෆෝන් වලට බොහෝ දුරට සමාන සැම්සුන් ස්මාර්ට් දුරකථන අලෙවිය ඇමරිකාවේ තහනම් කරන මෙන් ඇපල් කල ඉල්ලීම සඳුදා විනිසුරු ලූසි කෝ විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. පේටන්ට් උල්ලංඝනය ගැන ඇපල් සමාගමට ඩොලර් බිලියන 1ක් ගෙවීමට නියම වූ අගෝස්තුවේ දුන් ජූරි තීන්දුව තිබියදී ස්මාර්ට් ෆෝන් ඇමරිකාව තුල විකිනිය හැකි බව විනිසුරු කෝ තීරණය කලාය.

බිලියන ගණනක ව්‍යාපාරයක් එසේ නවතා දැමීම අසාධාරණ බව ඇයගේ අදහස විය. සැම්සුන් විසින් ඇපල් හි පාරිභෝගික පදනම යම්තාක් දුරට විනිවිද ගියත් එය සහමුලින්ම නැතිවී නොයන බව ඇය කියයි.

CNN වෙත නීතිඥයකු වූ මයිකල් කැස්ඩන් කියා සිටියේ තරඟකරුවන් අතර වන මෙවැනි නඩුවකදී පේටන්ට් හිමිකරුට තහනම් නියෝගයක් අත් නොවීම අසාමාන්‍ය බවත් ඇපල් සමාගම අභියාචනයක් ඉදිරිපත් කල යුතු බවත්ය. පාරිභෝගිකයන්ගේ පැත්තෙන් තුමන දුරකථනය තෝරාගත යුතුද යන තර්කයේදී මෙම අවිධිමත් ලෙස කොපි කරන ලද ලක්ෂණ බල නොපාන බව විනිසුරු කෝ ප‍්‍රකාශ කරයි.

ඇපල් සමාගම මෙම පේටන්ට් උල්ලංඝනය කිරීම හා ඉන් වන හානිය අකර සම්බන්ධය දැක්වීමට අපොහොසත් වී ඇති බව ඇගේ මතයයි. මෙම තීන්දුව සැම්සුන් සමාගමේ එක්තරා ජයක් ලෙස සැලකුවත් ඔවුන්ගේ පරාජයන් ද ඇත.

මේ වසරේ පැරදුනු ඩොලර් බිලියන එකේ වන්දි නඩුව යලි සලකා බැලීමේ ඉල්ලීමක් උසාවිය නිෂ්ප‍්‍රභ කර ඇත.

ඇපල් සමාගමේ ඉල්ලීම ප‍්‍රතික්ෂෙප වීමත් සමඟ සැම්සුන් නිවේදනය කලේ යුරෝපය තුල ඇපල් නිෂ්පාදන තහනම් කිරීමේ නීතිමය උත්සාහය යලි අරඹන බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles