ඇමරිකාව ඇස්ටරොයිඩයක් අල්ලන්නට සැලසුම් කරයි June 27, 2013 Comments Off on ඇමරිකාව ඇස්ටරොයිඩයක් අල්ලන්නට සැලසුම් කරයි 2 Views පර්යේෂණ කටයුතු සඳහා අජටාකාශගාමීන්ට ග‍්‍රහකයක් වෙත යාමට හැකිවන පරිදි ග‍්‍රහකයක් අල්ලාගෙන එය ස්ථානගත කිරීමට තම ආයතනය සූදානම් වන බව නාසා ආයතනයේ ප‍්‍රධානි චාල්ස් බෝල්ඩන් අනාවරණය කර තිබේ. ඔහු මේ පිළිබඳ අදහස් දක්වා ඇත්තේ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ අහමදාබාද් නගරයේ පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ පැවති දේශනයකට සහභාගි වෙමිනි. පෘථිවියට ආසන්න ඇස්ටරොයිඩ හඳුනාගෙන කාණ්ඩගත කිරීමත් ඉන් අනතුරුව කුඩා පරිමාණයේ ග‍්‍රහකයක් තමන් සතු තාක්ෂණික ක‍්‍රමවේදයන් භාවිතයෙන් අල්ලාගෙන එය ස්ථාවර පෘථිවි-චන්ද්‍ර කක්ෂයක ස්ථානගත කිරීමේ ඉලක්කයත් පිළිබඳව නාසා ආයතනයේ අභ්‍යවකාශ වැඩසටහන යන තේමාවෙන් සිදුකළ දේශනයේදී ඔහු විස්තර කර ඇත. නාසා ආයතනය මෙම ව්‍යාපෘතිය 2014 වසරේ අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබේ. මෙමගින් සූර්ය උත්පාදක බලශක්ති විමෝචන තාක්ෂණය පිළිබඳ නාසා දනුම ඉහළ නංවනු ඇතැයි සැලකෙන අතර එය විසින් විමෝචන රොකට් පද්ධතීන් සහ ඔරායන් අභ්‍යවකාශ යානයට එක් කරනු ලබන වර්ධනය 2030 වසරේදී මිනිසෙකු අඟහරු ලොවට යැවීමේ බරැක් ඔබාමාගේ සැලසුමට අත්වැලක් වනු ඇතැයිද පැවසේ. බෝල්ඩන්ගේ සංචාරය 2009දී මෙම ධුරයට පත්වූ පසු ඉන්දියාවට යන පළමු අවස්ථාව වන අතර පසුගිය දශක 4 තුළම ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට ගොස් ඇත්තේ නාසා ප‍්‍රධානින් තිදෙනෙකු පමණි. Share featured Latest pretty cool slider 2013-06-27 ceylonradio Share Facebook Twitter Google + Pinterest