News ඇමෙරිකාවේ දී මහා වාහන ගැටුමක් By ceylonradio - November 27, 2012 0 113 FacebookTwitterPinterestWhatsApp පසුගිය බ්‍රහස්පතින්දා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී සිදුවූ මහා රිය ගැටුමකින් පුද්ගලයන් 2ක් මියගොස් තවත් පනස් දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත. පසුගියදා පැවැති තුති පුදකිරීමේ දිනයේදී ‘බියුමොන්ට්’ ප්‍රදේශය අධික මීදුමෙන් වැසී යාම නිසා අධිවේගී මාර්ගයේ එකිනෙකට පිටුපසින් පැමිණි වාහන 140ක් පමණ එකිනෙක හා ගැටීමෙන් අනතුර සිදුව තිබිණි. ගැටීමෙන් එකිනෙක මත වැටී ගොඩගැසී තිබුණු වාහන සුන්බුන් අතරින් අනතුරට ලක්වූවන් ගලවාගැනීම සඳහා ගලවාගැනීමේ කණ්ඩායම්වලට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව කියැවේ. අනතුරින් මියයන ලද්දේ ක්‍රීඩා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ රථයක සිටි කාන්තාවක හා පුරුෂයෙකි. Share