කතරගම ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,500 කට ආසන්න පිරිසක් යොදවා තිබේ.
රාජකාරී සහ සිවිල් ඇඳුමින් සිටින පොලිස් නිලධාරීන් මේ සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
රථගාල් 10 ක් පමණ ස්ථාපිත කර ඇති බැවින් මාර්ග අවහිර වනසේ වාහන නවතා තැබීමෙන් වලකින ලෙස පොලීසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන ජනතාව අනාරක්ෂිත ස්ථානවලින් දිය නෑමෙන් වැළකී සිටිය යුතු බවද පොලීසිය පවසයි.
ඊයේ දිනයෙන් ආරම්භ වූ රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය අගෝස්තු මස දෙවන දින දක්වා පැවැත්වීමට නියමිතයි.