14.9 C
London
Friday, April 25, 2025
spot_img

ඉක්වදෝර් ජනපතිගෙන් බ්‍රිතාන්‍යට තර්ජන

බ්‍රිතාන්‍යට අනතුරු ඇඟවීමක් කරමින් ඉක්වදෝර් ජනාධිපති රෆියෙල් කොරෙයා විසින් පවසා ඇත්තේ ලන්ඩනයේ ඇති ඉක්වදෝර් තානාපති කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ දරුවහොත් එය රාජතාන්ත‍්‍රික සිය දිවි නසා ගැනීමක් වනු ඇති බවය. එබන්දකට ඔවුන් පෙළඹුනහොත් ලොව පුරා ඇති බ්‍රිතාන්‍යට තානාපති කාර්යාලවලට ඇතුළුවීමේ නිදහසද විදෙස් බලධාරීන්ට ලැබෙනු ඇතැයිද ඔහු පවසයි. ස්වීඩනයට බාර දීමට නියමිතව සිටින විකිලීකිස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඉකුත් ජූනි මාසයේ සිට ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්‍ෂාව යටතේ පසුවන අතර ඔහුට දේශපාලන රැුකවරණ ලබා දීමටද ඉක්වදෝරය එකඟ වී ඇත.

http://youtu.be/8klSu05–zM

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles