11.3 C
London
Saturday, May 17, 2025
spot_img

ඉතාලි රූ රැජන තරගයට ලංකාවෙනුත්

ඉතාලියේ සංක්‍රමණික රූ රැජින තරගයේ අවසන් විසිදෙනා අතරට ශ්‍රී ලංකාවේ තරුණියක තේරී සිටින්නීය. රෝමයේ පදිංචි නයෝමි ඇඳිබදුගේ (18) ඇයයි. ඇය රෝමයේ උසස් පාසලක ඩිප්ලෝමාවක් හිමිකරගෙන සිටින්නීය. නයෝමිගේ පියා රේමන් තිස් වසරකට පෙර ඉතිලියේ පදිංචියට ආවේය. මව සන්ධ්‍යා විසි වසරකට පෙර එහි ආවාය. ඇය ඉපදුනේද රෝමයේය.
නයෝමි ඉතාලි ජනාධිපති ජෝජියෝ නාපොලිතානේට ලියූ ලියුමකට ඉතාලි ජනමාධ්‍යවලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබිණ. ඉතාලියේ උපදින සංක්‍රමණිකයනගේ දරුවනට පුරවැසිකම දෙන්නැයි ඇය ජනපතිගෙන් ඉල්ලයි.
රූ රැජින අවසන් තරගය මොන්තේ කතේනි නුවරදී ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතය. තරගය පැවැත්වෙන අතරතුර සංක්‍රමණිකයනට ගෙදර සිට තමන් කැමති අපේක්ෂිකාවට අංක 894424 ට ඡන්දය දිය හැකි බව සංවිධායකයෝ කියති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles