19.2 C
London
Monday, May 19, 2025
spot_img

ඉතිහාසය නොදන්නා බ්‍රොයිලර් කුකුළෙක් වගේ

“බොහෝ දේශපාලනඥයන් බ්‍රොයිලර් කුකුල්ලු වගේ. රසත් නෑ. ගුණත් නෑ. හැබැයි ගම් කුකුළා රසයි. ඒ වගේම ගුණයි.” සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් කාන්තා සම්මේලනය විසින් සංවිධානය කරන ලද උත්සවයකදී සෞඛ්‍ය ඇමැතිවරයා ඉහත සඳහන් අදහස් පළ කළේය.‍ “දේශපාලන පක්ෂයක වැඩ කරන කොට රටේ ඉතිහාසය වගේම පක්ෂයේ ඉතිහාසයත් ඉගෙන ගෙන තියෙන්න ඕනේ. හුගක් දේශපාලනඥයෝ ග්‍රොසරිවල විකුණන්ට තිබෙන බ්‍රොයිලර් කුකුල්ලු වගේ. බ්‍රොයිලර් කුකුල් මස් රසත් නැහැ. ගුණත් නැහැ. හැබැයි ගමේ කුකුල්ලු රසයි. ගුණයි. දේශපාලන දැනුම නැති, පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශන නොදන්නා දේශපාලනඥයා බ්‍රොයිලර් කුකුල්ලු වගේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles