ඉදිරි වර්ෂ දෙක මැතිවරණ වර්ෂයි.

ඉදිරි වර්ෂ දෙක මැතිවරණ වර්ෂ ලෙස හඳුන්වන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (17) පෙරවරුවේ අමාත්‍යාංශ ආයතන ප්‍රධානීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

දිවයින පුරා ක්‍රියාත්මකවන දැවැන්ත සංවර්ධන වැඩසටහන් සහ එහි ප්‍රගතිය මෙන්ම ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ද ජනතාව නිසි පරිදි දැනුවත් වී නොමැති බව ඔහු පවසයි.

එම නිසා රජයේ සංවර්ධන කටයුතු පිළිබඳව සමස්ත ජනතාවම දැනුවත් කිරීමේ පුළුල් ප්‍රචාරාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉදිරි වර්ෂ දෙක තුළ මැතිවරණ රැසක් පැවැත්වීමට ඇති හෙයින් රජය ‍ජනතාවාදීව කරන වැඩසටහන් ජනතාව අතරට ගෙන යාමට කටයුතු කළ යුතු බව පැවසු අමාත්‍යවරයා රජය සිදුකරන සංවර්ධන කටයුතුවල නියම තත්ත්වය ජනතාව අතරට නොයන බවට ද ඇතැමුන් චෝදනා කරන බව ඔහු කියා සිටියේය.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...