ඉන්දියාවේ අකුණු පහර මියයයි

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, පසුගිය දෙසැම්බර් 16 වැනිදා දිල්ලියේ බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක්වූ ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාව සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(28) මියගොස් තිබේ. 23 හැවිරිදි ඇය සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබුවේ දිල්ලි නුවර රෝහලකදී සිදුකළ සැත්කම් 3 කින් අනතුරුවය. වෛද්‍ය වාර්තා සදහන් කරනුයේ මෙම තරුණියගේ හිසට සිදුවී ඇති හානි හේතුකොට ගෙන මෙම මරණය සිදුවී ඇති බවයි.

මේ සිද්ධියෙන් ඉන්දියානුවන් දැඩි කම්පනයට පත්ව සිටින අතර ඉන්දීය ප‍්‍රවෘත්ති සේවාවක් ඇය හැඳින්වූයේ සමස්ථ ඉන්දීය කාන්තා පරපුර නියෝජනය කරන ඉන්දියාවේ දියණිය ලෙසයි. ඒ අතර මාධ්‍යය බොහොමයක් ඇයව හඳුන්වනු ලැබුවේ “Damini” නොහොත් අකුණු පහර ලෙසයි. මේ අතර දිල්ලියේ සමූහ දුෂණ සිද්ධියට විරුද්ධ උද්ඝෝෂණ පැතිර යන අතරතුර ලිංගික අපචාරයකට ලක්වූ තවත් දැරියක් පොලීසියේ හා සැකකරුවන් ගේ බලපෑම් නිසා දිවි නසා ගෙන ඇති බවද වාර්තා වේ.

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...