ඉන්දියාවේ බසයක් තුළ​ තවත් සමූහ දූෂණයක්

ඉන්දියාවම සසල කරමින් මීට සති ගණනාවකට පෙර සිදුවු සමූහ දූෂණයක හා මිනීමැරීමක උණුසුම පහව යන්නටත් මත්තෙන් මේ නවතම සිද්ධිය ඇතිව තිබෙන්නේ පන්ජාබ් ප්‍රාන්තයේදී ඉකුත් සිකුරාදාය.

පසුගිය සිකුරාදා රාත්‍රියේ පන්ජාබ් ප්‍රාන්තයේදී තම ගමට යමින් සිටි 29 හැවිරිදි මෙම කාන්තාව පමණක් අවසානයේ බස් රථයේ ඉතිරිවී ඇති අතර තමන් බසිනා ස්ථානය පසුකර බස් රථය ඉදිරියට ඇදී තිබෙනවා. පසුව ඇය කෙතරම් ආයාචනා කළද බස් රථය ඉදිරියටම ඇදී ඇති අතර අවසානයේ එය නතර වී ඇත්තේ පාලු ස්ථානයක පිහිටි ගොඩනැඟිල්ලක් ඉදිරිපිටය.

පසුව කොන්දොස්තර වරයා ඇතුලු තවත් පිරිසක් ඇය එම පාලු ගොඩ නැඟිල්ල තුලට ඇදගන ගොස් ඇති අතර රාත්‍රිය පුරා මේ 7 දෙනා විසින් ඇය දූෂ්‍ය කොට පසුදා උදේ ඇය ඥාති සොයුරියගේ ගම්මානය වෙත ඇරලීමෙන් පසු ඇය සියලු පුවත් එම ඥාති සොයුරියට පවසා තිබේ.

ඇයට සිදුව ඇති බව තුවාල සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුව ඇති බව පවසන පොලිසිය සෙනසුරාදා සවස්වන විට මේ සල්ලාල අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

http://www.youtube.com/watch?v=RD7imu-WiCY

Check Also

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් ...

ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන ...