13.5 C
London
Friday, April 25, 2025
spot_img

ඉන්දියාවේ හරි අඩකට වැසිකිලි නැතත් හැමෝටම දුරකතන

බිලියන 1.2 ක් වූ ඉන්දීය ජනතාවෙන් හරි අඩකටත් වඩා වැසිකිලි පහසුකම් නොමැති නමුත් ඔවුන්ට ජංගම දුරකථන ඇති බවට නවතම සමීක්‍ෂණ වාර්තාවක් පෙන්වා දී ඇත. ඉන්දීය නිවාස මිලියන 246.6 කින් 46.9% ප‍්‍රතිශතයකට පමණක් මෙම වැසිකිලි පහසුකම් ඇති බවත් 49.8%ක් මළපහ කරන්නනේ විවෘත පරිසරයේ බවත් 3.2% ක් පොදු වැසිකිලි භාවිතා කරන බවත් සඳහන් වේ.

නමුත් එම වාර්තා අනුව 2011 වන විට නිවාස සදහා 63.2% ක් දුරකථන පහසුකම් ඇති බවට සනාථ වී ඇත. එමෙන්ම සමස්ථ ඉන්දීය ජනතාවෙන් 53.2% ක් සදහා ජංගම දුරකථන ඇති බවද මොවුන් තව දුරටත් අනාවරණය කර ඇත.

ජාකන්ද් දිස්ත‍්‍රික්කයේ 77% ද ඔරිසාහි 76.6% කටද බිහාර්හි 75.8% කටද වැසිකිලි පහසුකම් නොමැති බැවින් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද මේ හරහා පෙන්වා දෙයි. මෙම දත්ත අනුව ඉන්දියාවේ ඇති මෙම ප‍්‍රතිවිරෝධි කි‍්‍රයා කලාපය පිලිබඳව ලෝකයේ විවිධ විශ්ලේෂකයන් විවිධ මත පළ කර ඇත.

ඉන්දීය ජනතාවගේ අත්‍යාවශ්‍යම වූ මූලික අවශ්‍යතාවන් සමිපූර්ණ කිරීම වෙනුවට නූතන තාක්ෂණය භාවිතයට ඇති ඕනෑකමත් එයින් අත්වන ප‍්‍රතිවිපාක ද ඔවුන් පෙන්වා දී ඇත. ඉන්දීය සංස්කෘතික හේතු හා අඩු අධ්‍යපන මටිටම නිසා මෙවැනි දුෂ්කරතාවන්ට මුහුණදෙන බවත් එය යථා තත්වයට ගැනීම විශාල කාර්ය භාර්යක් ඉන්දීය රජය සතු වන බවත් සමීක්‍ෂණ වාර්තා පෙන්වා දෙයි.

BBC

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles