Wednesday , 12 February 2025

ඉන්දියාව ෆේස්බුක්, ට්විටර් වාරණය අරඹයි

ජාතිවාදය ඇවිස්සීමට හේතුවන කරුණු ඇතුලත් සියලු පණිවිඩ ඉවත්කරන්නැයි ඉන්දීය රජය අන්තර් ජාල වෙබ් අඩවි වලට නියෝග කර තිබේ. ට්විටර්, ෆේස් බුක් ඇතුලු සමාජ වෙබ් අඩවි රැසක එවැනි පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුලත් කර ඇති අතර ඇසෑම් ප‍්‍රාන්තයේ මුස්ලිම් ජනතාව මුල් කරගනිමින් ගැටුම් පවතින බවට එමගින් කටකතා පතුරුවා ඇතැයි ඉන්දීය රජය පවසයි. ඒ හේතුවෙන් බැංගලෝරයේ සහ තවත් ප‍්‍රදේශ කිහිපයක සිටි සංක‍්‍රමණික ජනතාව එම ප‍්‍රදේශ අතහැර ගොස් තිබේ. මෙ වැනි ජනවාර්ගික අර්බුදයක් මතු කිරීමට ඉවහල් වූ පණිවිඩ 300 කට සංඛ්‍යාවක් ට්විටර් සහ ෆේස් බුක් වෙබ් අඩවි වලින් ඉවත්කරන ලෙස ඉන්දීය රජය දැනුම් දී ඇත. මීට අමතරව අල් ජසීරා, ඔස්ටේ‍්‍රලියන්, නිවුස් චැනල් සහ ලන්ඩන් ඬේලි ටෙලිග‍්‍රාප් ආයතනවලට සම්බන්ධ අන්තර් ජාල වෙබ් අඩවි වලින්ද එවැනි පණිවිඩ ඉවත්කරන ලෙස දැනුම් දී ඇතැයි ඉන්දීය වාර්තා සදහන් කරයි. මේ අතර අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා නමින් ව්‍යාජව සකසන ලද ගිණුම් හතක් වසා දැමීමට ට්විටර් සමාජ ජාලය තීරණය කර තිබේ.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...