22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

ඉන්දීය ආණ්ඩුවේ දුෂ්ඨ හැසිරීම නවතනු, ලංකා හමුදා පිටුවහල් කරනු – ජයලලිතා

ශ්‍රී ලංකා හමුදා වෙත දිගින් දිගටම පුහුණුවීම් ලබා දීම මගින් පෙන්නුම් කරන ඉන්දීය රජයයේ දුෂ්ඨ හැසිරීම වහා නවතන ලෙසත් ඉන්දියාව තුල පුහුණු කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා සාමජිකයින් වහා පිටුවහල් කරන ලෙසත් ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය නැතව වරක් ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං වෙත ලිපියක් යවා තිබේ.

ශ්‍රී ලංකා හමුදාව වෙත පුහුණුවීම් ලබාදීමට ඉන්දීය මධ්‍යම රජය උවමනාවටත් වඩා උනන්දුවක් දක්වන බවට චෝදනා කරන ජයලලිතා ජයරාම් තමා මීට පෙර මේ සම්බන්ධව කල අනතුරු ඇඟවීම් නොතකා මැයි මාසයේ සිට ශ්‍රී ලංකා නිලධාරීන් දෙදෙනෙකුට රහසිගතවම පුහුණුවීම් ලබාදෙමින් එය ඉතා දුෂ්ඨ ලෙස වසන් කල බවට දැඩිව චෝදනා නගයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් පලකරන තමිල්නාඩු මහ ඇමතිනිය ” පසුගිය මැයි මාසේ මගේ විරුද්ධවීම නිසා චෙන්නායි හි පුහුණුවීම් කල ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් නම දෙනෙකු බැංගලෝරය වෙත මාරු කරනු ලැබුව.නමුත් එය ප්‍රමාණවත් නෑ.ඉන්දීය මධ්‍යම රජය කල යුත්තේ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් පිටුවහල් කිරීමයි.ඉන්දීය රජය උවමනාවටත් වඩා උනන්දුවක් දැක්වුවා බෙංගාලයට යවා හෝ එම පුහුණුව සම්පූර්ණ කරන්න.නමුත් එම විරෝධතාවයෙන් පසුවත් ශ්‍රී ලංකා හමුදා සාමාපිකයන් දෙදෙනෙකුට දිගින් දිගටම එහි පුහුණුවීම් ලබා දීල තිබෙනව.මධ්‍යම ආණ්ඩුව එය දුෂ්ඨ ලෙස සඟවාගෙන සිටියා.එමගින් පෙන්නුම් කරනුයේ ආණ්ඩුව තමිල්නාඩු ජනතාගේ අභිලාශයන් පිලිබඳ කිසිඳු තැකීමක් නොකරමින් ක්‍රියා කරන බවයි.” යනුවෙන් පවසයි.

මෙම තත්වය වහාම නවතා ශ්‍රී ලංකා හමුදාවන් වෙත ඉන්දියාව ලබාදෙන පුහුණුවීම් වහා නවතා දමන ලෙසත් වෙලින්ටන් ආරක්ෂක සේවා විද්‍යාලයේ දැනට පුහුණුවීම් ලබන නිලධාරීන් ඇතුළු සියලු දෙනා වහාම පිටුවහල් කරන ලෙස ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් දෙන ලෙසත් තමිල්නාඩු මහ ඇමතිනිය මන් මෝහන් සිං අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් මේ ලිපිය පිලිබඳ ප්‍රතිචාර දක්වන දිල්ලි ආන්ඩුවේ ආරක්ෂක ලේකම් රන්ජන් මෙහෙතා ප්‍රකාශ කර ඇත්තේ ජලයලලිතා මහඇමතිනියගේ ඉල්ලිම පිලිබඳ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය ඉදිරියේදී යොමු වනු ඇති බවයි.

මීට පෙරද කිහිපවිටකදී තමිල්නාඩු මහඇමතිනිය මේ කරුණු සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය වෙත තම අප්‍රසාදය පල කර සිටි අතර ඇයගේ තර්ජනවලට බියෙන් මන් මොහන් සිං රජය ශ්‍රී ලංකා හමුදාවන් වෙත පුහුණුව ලබාදුන් ප්‍රදේශ වරින් වර වෙනස් කල බව වාර්ථා විය

NEWS –thehindu

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles