ඉන්දීය ඇමැතියෙක් බිරියන්ගේ ආකර්ෂණය කියන්න ගොස් අමාරුවේ
වයස්ගතවීමත් සමඟ බිරින්දෑවරුන්ගේ ආකර්ෂණය අඩුවන බවට කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය කැබිනට් ඇමැතිවරයකු අමාරුවේ වැටී ඇතැයි පැවසි තිබේ.
ඉන්දීය ගල්අඟුරු කටයුතු ඇමති ශ්‍රි ප්‍රකාශ් ජායිස්වාල් ඉකුත් සඳුදා කාන් පූර්හි පැවති හින්දි භාෂා සාහිත්‍ය උත්සවයක දී කාලයත් සමඟ චිත්තාකර්ෂණය ක්ෂය වු වසර ගණනාවක් බිරිඳකව සිටි කාන්තාවක ලත් වයස්ගත ජයග්‍රහණයක් ගැන සඳහනක් කළේය.
ඔහුගේ මේ ප්‍රකාශය අඩංගු කතාවේ කොටස් විකාශනය වීමෙන් පසු කාන්තා කණ්ඩායම් හා විපක්ෂ කණ්ඩායම් කොංග්‍රස් පක්ෂයේ ඇමතිවරයකු වන ඔහුට එරෙහිව අවි අමෝරා ගත් බව ප්‍රකාශ වී තිබේ .
මෙවන් කාමුක ප්‍රකාශයක් කළ ඔහු අසංවේ දී පුද්ගලයකු ලෙස හඳුන්වන ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ඔහු සමාව ගතයුතු යැයි කියා ඇත. ඔහු ගේ ප්‍රකාශය බෙහෙවින් අවාසනාවන්ත වූවෙකැයි කාන්තාවන් සඳහාවන ජාතික කොමිසමේ සභාපතිනී මම්තා ෂර්මා කියා තිබේ.
මේ සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුවත් කරන බවත් ඔහු සමාව ඉල්ලා සිටිය යුතු බවත් ඇය කීවාය.
තම ප්‍රකාශය සමස්ත අන්තර්ගතයෙන් ඉවත්කොට උපුටාදක්වා ඇතැයිද එය කිසිවකුට සිත් රිදවීමේ අටියෙන් නොව විහිළුවක් ලෙස ප්‍රකාශ කළ දෙයක් බව ජායිස්වාල් කියා තිබේ.
- Advertisement -