සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද(21) පැවැත්වුණු පළමු එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ට ලකුණු 314 ක් රැස්කිරීමට සමත්විය.
එහිදී ඉන්දීය පිතිකරු වී.කොහිල් ලකුණු 106 ක් ලබාගැනීමට සමත්වීම විශේෂත්වයකි.
පන්දුයැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා ලකුණු 70 ට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත්විය.
අද තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වීමත් සමග පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායම තීරණය කරන ලදී.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර හම්බන්තොට දී පැවැත්වෙන ප්‍රථම තරගය මෙය වීම විශේෂත්වයකි.
දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 134 ක් පවත්වා තිබේ.