ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයන් අයි.පී.එල්. පවාදේ
අයි.පී.එල් තරගාවලිය අතරතුරදී සිදුවූ මහා තරග පාවාදීමක් හෙළිකර ගැනීමට දිල්ලි පොලීසිය සමත් වී ඇත. ඊයේ(16) රාත්‍රි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් අනතුරුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ, ටෙස්ට් ක්‍රීඩක එස්. ශ්‍රී ශාන්ත්, අන්කීත් චවන් හා අජිත් චන්දිලා යන ක්‍රීඩකයින් තිදෙනා මෙසේ මුදලට තරග පවාදීමේ චෝදනාව මත තමුම්බායි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මුදලට තරග පවාදීම සහ බුකිකරුවන් සමඟ සබඳතා පැවැත්වීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාය. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බුකීකරුවක් 11 දෙනකු ද ඊයේ රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගත් බවය. දිල්ලි පොලිස් කොමසාරිස්වරයා අද(17) මාධ්‍ය හමුවක් කැදවමින් අවධාරණය කළේ මෙම ක්‍රීඩකයින් තිදෙනා මුදලට තරග පවා දුන් බව මේ වනවිට වීඩියෝ දර්ශන මඟින් සනාථ වී ඇති බවය.
බුකිකරුවන් සමඟ අත්අඩංගුවට ගත් ක්‍රීඩකයින් තිදෙනා කළ සංවාද ඇතුළත් විඩියෝ දර්ශන දිල්ලි පොලිසිය අද මාධ්‍යට නිකුත් කළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එම මාධ්‍ය හමුවට එක් වු දිල්ලි පොලිස් කොමසාරිස් නීරාජ් කුමාර් මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් ක්‍රීඩකයින් තිදෙනා තරග තුනක් මෙසේ මුදලට පවා දී ඇති බවය. ප්‍රතිවාදීන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාදීමට අත්අඩංගුවට ගත් ක්‍රීඩකයින් කටයුතු කළ බව, එම ක්‍රීඩකයින් තිදෙනා බුකිකරුවන් කළ සංවාදය විමර්ශනය කිරිමේ දී තහවුරු වී ඇතැයි ද දිල්ලි පොලිස් කොමසාරිස්වරයා සඳහන් කළේය. අජිත් චන්දිලා තරඟ පවාදිමට ලබා ඇති මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 20ක් බවත් ශ්‍රීනාත් ඉන්දීය රුපියල් ලක්ෂ 40ක් සහ චවන් ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් තරඟ පාවාදීමේ දී ලබා ගෙන ඇතැයි ද දිල්ලි පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් ක්‍රීඩකයින් තිදෙනාට තරග තහනමක් පැනවීමට ඉන්දීය ක්‍රීකට් පාලක මණ්ඩලය අද තීරණය කර ඇත.
රාජස්ථාන් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන බොලිවුඩ් නිලි ශිල්පා සෙට්ටි පවසන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ඉන්දීය පොලීසියට භාරදී ඇති බවයි. එමෙන්ම අදාළ සියලූ තොරතුරු ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලබාදී ඇති බවත් මොවුන් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී ඔවුන් වැරදිකරුවන් වුවහොත් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට පසුබට නොවන බවත් ඇය පැවසුවාය.
හිටපු ඉන්දීය ක්‍රීකට් ක්‍රීඩක කිරුටි අසාඩ් සඳහන් කළේ මෙලෙස මුදලට තරග පාවාදීමේ චෝදනාවට වරදකරු වන ක්‍රීඩකයින්ට ජිවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවිය යුතු බවය.
- Advertisement -