පසුගියදා ඉන්දියාවේ චෙන්නායිහිදී අන්තවාදීන්ගේ පහරකෑමට ලක් වූ පූජ්‍ය වටුපොළ වංගීස හිමියන්ගෙන් ඉන්දියාව සමාව අයැද සිටියේය. ඒ ඊයේ දිනයේ උන් වහන්සේ මහනුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය.
ඉන්දීය සහකාර මහකොමසාරිස් ඒ.නඩරාජන් මහතා වංගීස හිමියන්ගෙන් සමාව අයැද සිටිමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් බලවත් ලෙස කණගාටු වන බවයි.
මේ අවස්ථාව සඳහා බෞද්ධ සංවිධාන ගණනාවක්ද එක්ව සිටියහ.