මින් පෙර කිසිම ප‍්‍රදේශයක හමු නොවූ අන්දමේ ඉපැරණි සිරිපතුල් ගලක් සෙට්ටිකුලම ත‍්‍රික්චෛත්‍යලම් ප‍්‍රදේශයෙන් හමු වූ බව පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.
එම සිරිපතුල් ගලේ පාද ලාංඡුන දෙකේම මංගල සලකුණු සහිත බවත් මහා පුරුෂ ලක්‍ෂණවලින් යුක්ත බවත් උන් වහන්සේ කියා සිටිති. මෙම සලකුණු සුවිශේෂී වන අතර මින් පෙර හමුවූ සිරිපතුල් ගල්වලට වඩා සුවිශේෂී වන බවද උන් වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙති.