ඊ-මේල් දත්ත හොරකම් කරලා Googleට නඩු October 14, 2012 Comments Off on ඊ-මේල් දත්ත හොරකම් කරලා Googleට නඩු 4 Views Google ආයතනය විසින් තම පාරිභෝගිකයන්ගේ ඊ- මේල් ගිණුම්වල තොරතුරු රහස් ලෙස ලබාගෙන ඇතැයි Google භාවිතා කරන්නන්ගෙන් චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. එසේ තම පාරිභෝගිකයන්ගේ අති පුද්ගලික තොරතුරු ලබා ගැනීම පිලිබදව Google සමාගම විසින් අධිකරණයට විස්තර කල යුතු බවට අධිකරණය නියෝග කර ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත් මෙම පුද්ගලික තොරතුරු Google සමාගම විසින් ලබා ගත්තේ යැයි සනාථ කිරිමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් මෙම නඩුව නිෂ්ප්රභා කරන මෙන් Google සමාගම විසින් ඉල්ලීමක් කර ඇති බවත් මාධ්‍ය වාර්තා තව දුරටත් සඳහන් කරයි. මෙහි පැමිණිලිකරුවන් වන බ්‍රෑන්ඩි ස්කොටි හා ටොඩි හැරින්ග්ටන් විසින් අනුමාන කරන ආකාරයට අදාල නීති මාලාවට පටහැනිව කි‍්‍රයා කරමින් ස්කෑන් කිරිමකට ලක් කරමින් තම ඊ-මේල් දත්ත සොරාගෙන ඇති බවට චෝදනා කර ඇති බවත් ඔවුන් මාධ්‍ය වෙත කියා සිටියි. Share featured Latest slider 2012-10-14 ceylonradio Share Facebook Twitter Google + Pinterest