උඩුබැලි අතට සිටිමින් ජීවිතය ගෙවන අසරණ අක්කා-මලෝ

වසය අවරුදු දෙකේ සිට උඩුබැලි අතට ඇදේ දිගාවී සිටින අසරණ අක්කො – මලෝ දෙදෙනෙක් ගැන සංවේදී පුවතකි මේ.

පහළ කුරුවිට මහයාය නම් ප්‍රදේශයේ උපන් මොවුන් දෙදෙනාටම උපතින් අවුරුදු 2 කට පසු සුවකිරීම‍ට නොහැකි මේ රෝගය වැළදී ඇත. අතපය වකුටු වී අබාධිත තත්වයට පත්වූ මොවුන් දෙදෙනා සුව කිරීමට වෛද්‍යවරු පවා සමත් වී නොමැත.

දරුවන් අටදෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවන් දෙදෙනා ‍වන මොවුන් තමාගේ මුළු ජීවිතයම ගත‍කර ඇත්තේ තමා කැමති පරිදි කුසට අහරක් නොගෙන කැමති පරිදි ඇදුමක් නොඇද උඩ‍බලාගෙන ඇදේ වැතිර සිටිමින්ය.

එස්. යසවතී (57) හා එස් ගුණදාස (52) මේ අවාසානවන්ත ඉරණමට ගොදුරු වූ අක්කා මලෝ වේ. බී. පොඩිනෝනා (83) නම් වයෝවෘද්ධ මෑණියන් තම අබාධිත දරු දෙදෙනා ජීවත්කරවීමට දරන්නේ කියා නිම කළ නොහැකි අනන්ත කැපවීමකි.

එදිනෙදා හමුවූ කුලී වැඩ කරමින් ‍අසරණ දරුදෙදෙනා ජීවත්කිරීමට අනන්ත වෙහෙසක් දැරූ වයෝවෘද්ධ පියා මියගොස් ඇත්තේ මීට වසරකට පෙරය.

පියාගේ වියෝවෙන් මේ අසරණ මවත් ඇගේ දරු දෙදෙනාත් ජීවිත ආගාධයේ තවත් පහළට වැටී ඇත.

පෙර කළ පාපයකට අබාධිතයන් වී තවමත් එම පාපය ගෙවමින් පසුවන මොවුන් වෙනුවෙන් නිදුක් ‍නීරෝගී දිවිපෙවතක් ගත කරන අපට කළ හැකි යමක් ඇත්නම් එය උත්තරීතර මනුසත්බවකි.

0453467738 යන දුරකථන අංකයට හෝ එස්. සංඝදාස, 840, පහළ කුරුවිට, කුරුවිට යන ලිපිනයට ඇමතීමෙන් ‍අසරණ මොවුන් වෙනුවෙන් කළ හැකි කුඩා උපකාරයක් හෝ කර ඔවුන්ගේ දුක්ඛිත දිවියට පිළිසරණක් වීමට ඔබටත් හැකිය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...