උණුසුම් විවාදේ – මන්ත්‍රීගේ දත් ඇන්ද විසිවේ !

කොළඹ මහ නගර සභාවේ ලිපි ලේඛන තොගයක් බොරැල්ල කනත්තේදී පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන්, කොළඹ මහ නගර සභාවේ ඊයේ දිනයේ (29) පැවති මාසික සභා රැස්වීමේදී උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.

එහිදී ඒ සම්බන්ධව පවත්වන පරීක්ෂණයේ ස්වාධීනත්වය පිලිබඳ ගැටළු මතු කරද්දී ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර උණුසුම් වචන හුවමාරු වන අයුරු දක්නට ලැබුණි.

මෙලෙස අදහස් පලකිරීමට යාමේදී සභාවට නුසුදුසු වචන වලින්ද ඇතැම් අය වචන හුවමාරු කරගත් අතර ඇතැම් මන්ත්‍රී පහරදීමට පෙරට පැමිණි අවස්ථාද වුවා.

මේ සියල්ල අතරේ උණුසුම් වූ සභාවේ සිනහවක් පැතිර ගියේ නැගී සිටි මන්ත්‍රීවරයෙකු මහ හඬින් උද්වේගකරව කතාවක් කිරීමට යාමේදී ඔහුගේ දත් ඇන්ද බිමට වැටීමත් සමගය.

දත් ඇන්ද බිමට වැටීමත් සමග එම මන්ත්‍රීවරයා හෙමින් සීරුවේ වාඩිවිය. මේ අතර එම සිදුවීම දුටු අනෙක් මන්ත්‍රීන් “දත වැටුනා..දත වැටුනා..බොරු දත් වැටුනා..” යනුවෙන් කෑගැසූ අතර දත්කුට්ටම වැටුණු මන්ත්‍රීවරයාද ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන් ද සිනාසෙනු දක්නට ලැබුණි.

Source:http://www.33000.lk

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...