11.3 C
London
Friday, May 16, 2025
spot_img

උතුම් බුදුරුව ඉදිරියේ සිව් මසක ළදරුවෙක් කතා කරලා

උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ දී සිව් මසක් වයසැති පිරිමි දරුවකු කතා කිරීමේ අසාමාන්‍ය සිදුවීමක් පොළොන්නරුවේ වැවේතැන්න ගොවි ජනපදයෙන් වාර්තා වේ. ප්‍රදීප් රුවන් වීරසේකර හා මධුෂිකා ප්‍රියන්ජිලා යන දෙපළගේ කුළුදුල් දරුවා වන මෙම සදෙව් නෙත්සර ළදරුවා මාස එකහමාර කාලයේ සිට නිවෙසේ ඇති බුදු පිළිමය දෙස බලා සිනාසෙන්නට පටන්ගෙන තිබේ.

ඉන්පසු දිනපතාම බුදුපිළිමය දෙස බලා සිටින නෙත්සර දරුවා හඬනගා කිසියම් දෙයක් කියන බවත් මව්පියන් පවසා ඇත.

මෙම අසාමාන්‍ය සිදුවීම පිළිබඳ ගල්තඹරාව ශ්‍රී විජයාරාමාධිපති කොබෙයිතුඩුවේ විජිත හිමියන් මෙසේ පවසා ඇත.

” මේ දරුවා මින් පෙර ආත්මයක බුදු දහම ප්‍රගුණ කළ බුද්ධිමත් අයකු විය යුතුය. ඒ මතක ශක්තිය ඒ අයුරින් ම මේ ආත්මයේ දී ද පවතිනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ හොඳ මතක ශක්තියක් පවත්නා හෙයින් මේ කුඩා වයසේ දීම බුදුන් වහන්සේගේ රුව දකින විටම එය මතකයට පැමිණ යමක් ප්‍රකාශ කර තියෙනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles