උ/පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට විශේෂ අවස්ථාවක්

2012 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමට කැමති ‍නව අපේක්ෂකයන් වෙතොත් ඒ සඳහා ඉල්ලුම් කිරීමට විශේෂ අවස්ථාවක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පෞද්ගලික අපේක්ෂකයන් www.doenets.lk වෙබ් අඩවියේ ඇති අයදුම් පත්‍රය සම්පූර්ණ කර නියමිත විභාග ගාස්තු තැපැල් කාර්යාලයට ගෙවා ලබාගත් මුදල් ඇණවුමක් කුවිතාන්සිය ‍ඇලවීමට වෙන්කර ඇති ස්ථානයේ අලවා ෆැක්ස් මගින් එවිය යුතුය.

පාසල් අපේක්ෂකයින් විදුහල්පතිවරයා මගින් අයදුම් පත්‍රයේ තොරතුරු ඇතුළත් කර ලිපියක් විභාග දෙපාර්තමේන්තුවට ෆැක්ස් මගින් එවිය යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.

හෙට(23) සිට ලබන 27 වන දින දක්වා අයඳුම්පත් ෆැක්ස් මගින් යොමුකර එහි මුල්පිටපත විභාග කොමසාරිස් ජනරාල්, පාසල් විභාග සංවිධාන ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ 1503, කොළඹ යන ලිපිනයට තැපැල් මගින් යොමුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම ප්‍රවේශපත්‍ර ෆැක්ස් මගින් ලබාගැනීම සඳහා ෆැක්ස් අංකයක් පැහැදිලිව සඳහන් කර එවීමට කටයුතු කරන ලෙස ද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ‍දුරකථන අංක “1911” හෝ 0112 784 208 , 0112 784 537, 0112 786 200, 0112 784 201, 0112 785 202, 0112 784 204, 0112 786 205, 0112 784 206, 0112 787 207 මගින් ලබාගත හැකිය.

අයදුම්පත් යොමුකළ යුතු ෆැක්ස් අංක වන්නේ 0112 785 220 , 0112 785 779 , 0112 784 422 ය.

උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...