14.8 C
London
Friday, May 23, 2025
spot_img

උලමාවරු මුස්ලිම් ජාතිය පාවාදුන්නා

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සම්පූර්ණයෙන්ම හලාල් සහතිකය ලබාදීමෙන් ඉවත් වීමෙන් මුස්ලිම් ජාතිව පාවා දී ඇතැයි කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත‍්‍රී අසාද් සාලි මහතා පවසයි.

ඒ මහතා කියා සිටින්නේ මුස්ලිම් ජනතාව ලෙස තමන් සැමදා ආහාරයට ගත්තේ හලාල් ආහාර බවත් මෙරට ආහාර නිෂ්පාදන පිටරට යැවීම සඳහා හලාල් සහතික අවශ්‍ය වන බවත්ය.

ඔහු මෙසේද පවසයි.

‘අපි ජමියතුල් උලමා එකට කියලා තියෙනවා සම්පූර්ණයෙන්ම හලාල් සහතිකය ලබාදීමෙන් ඉවත් විය යුතුයි කියලා. ඒ මොකද කිවුවොත් අපි මුස්ලිම් හැටියට අපි හැමදාම කෑවෙ හලාල්. කෙරුවේ හලාල්. ඒ නිසා මෙකේ කිසිම ප‍්‍රශ්ණයක් අපට නෑ.

මම කියන්නෙ නෑ මේක වුණේ බොදු බල සේනාවෙ උවමනාවට කියලා. නමුත් මේ රජයට මහින්ද රාජපක්‍ෂ පත්වුණු දවසෙ ඉඳලා එතුමාගේ ඇෙඟ් තිබුනා මේ හලාල් නැති කරන්න ඕන කියන කියන එක. ඒ මතය එදා ඉඳන්ම ඔහු දරුවා. එතුමගෙ මල්ලී දැන් මේක ක‍්‍රියාත්මක කරනවා. ඒකට වෙනම බලකායක් පවා හදල තියෙනවා.

මේ ප‍්‍රශ්ණෙ විසඳන්න ආණ්ඩුවක් වශයෙන් උවමනාවක් නැතිනම් බොදු බල සේනාව ආණ්ඩුව මේනට පාවිච්චි කරනවා නම් අපිට ඒකට ගෑවෙන්න කිසිම උවමනාවක් නෑ. ජමිතුල් උලමා මෙකෙන් ඉවත් වුනා නම් මුස්ලිම් ජාතිකයන්ගෙ නම්බුව රැක්කා වෙනවා. ඔවුන් කලේ මුස්ලිම් ජාතිකයන් පාවාදීපු එක.

අද මේ හලාල් ප‍්‍රශ්නෙ කියන එක ගිනි තියන්න ආයුධයක් විතරයි. ප‍්‍රශ්ණෙ මේක නෙමෙයි. මේ රටේ දැවැන්ත ප‍්‍රශ්ණයක් තියෙනවා බොදු බල සේනාව නමින් ආණ්ඩුව මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව කරගෙන යන. මුස්ලිම් ඇමතිවරුන්ට මේ බව කියන්න කොන්දක් නෑ. ඔවුන්ට එහෙම වෙලා තියෙන්නෙ හොරකම් කරල තියෙන හින්දා.

මුස්ලිම් මිනිහා හැමදිම කන්නේ හලාල්. අපිට කිසිම හලාල් සහතිකයක උවමනාවක් නෑ. ජමිතුල් උලමා සංවිධානය කියලා තියෙනවා ඒ ගොල්ලන්ට නොයෙක් තර්ජන තියෙනවා කියලා. අපි මේ ගැන කලින්ම ඔවුන්ට කියලා තිබුණා.

අද මුළු ලෝකෙම හලාල් තියෙනවා. තායිලන්තය වගේ බෞද්ධ රටවලත් තියෙනවා. මේ හලාල් තහනම් කිරීම හරහා දැන් බලමු මේ රටට වෙන්නෙ මොකක්ද කියලා. මේ රටට මුස්ලිම් ටුවරිස්ට් කෙනෙක්වත් එන එක නැතිවෙයි.’

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles