Ceylon Gossipඅම්බලම උල්කාපාතයක් වැටීමෙන් කොස් ගස මුදුනේ ගින්නක් By ceylonradio - December 16, 2012 0 155 FacebookTwitterPinterestWhatsApp වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ ප්‍රදේශයේ කොස් ගසක මුදුනේ (14) රාත්‍රී 9.00ට පමණ ගින්නක් හට ගෙන තිබේ. එදින රාත්‍රියේ ඉතා දුර්ලභ උල්කාශ්මයක් මෙම කොස් ගස මුදුනට වැටීමෙන් මෙම ගින්න ඇති වුණ බව තාරකා විද්‍යාඥයින් පවසයි. මේ උල්කාශ්මය කොස්ගසේ ඉහළ සිට පොළොව තෙක් පහළටම ගමන් කර ඇති බවත් පොළොව මට්ටමේදී කොස්ගස ද දැවී උල්කාශ්මයද අළු බවට පත් වී ඇති බවත් ඔවූහු පවසති. කෙසේවෙතත් ඇතිවූ ගින්නත් සමගම ගැමියන් ආරක්ෂක ස්ථාන කරා දිව ගොස් ඇත. Share